ශ්‍රී ලංකා බර ඉසිලීමේ දක්ෂතාත් පොසිටිව් – පුහුණුකරුවෙකුටත් පොසිටිව්

සිංගප්පූරුවේ පැවත්වෙන ජාත්‍යන්තර බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තවත් රන් පදක්කම් දෙකක් පදක්කම් සටහනට එක් කරන්නට අද සමත් වූහ.
ඉන්දික දිසානායක රන් පදක්කම දිනා ගත්තේ කිලෝ ග්‍රෑම් 73 බර පංතියෙන්ය.එහිදී ඉන්දික ස්නෙච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 128 ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 150 ක් ඔසවමින් මුළු බර කිලෝ ග්‍රෑම් 278 ක් ඔසවනු ලැබීය.
චතුරංග ලක්මාල් රන් පදක්කම දිනා ගනු ලැබුවේ කිලෝ ග්‍රෑම් 67 බර පංතියෙන්ය.ඔසවනු ලැබූ මුළු බර කිලෝ ග්‍රෑම් 268 කි.ස්නෙච් ක්‍රමයට ඔහු ඔසවනු ලැබුවේ කිලෝ ග්‍රෑම් 118 කි.ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට ඔසවනු ලැබූ බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 150 කි.
රන් පදක්කම් දෙකට අමතරව ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක් ද හිමි විය.පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් දිනූ සුදේශ් පීරිස් එහිදී එක් රිදී පදක්කම්ලාභියෙකු වූයේ කිලෝ ග්‍රෑම් 118 බර පංතියෙන් තරග වඳිමින් කිලෝ ග්‍රෑම් 269 ක මුළු බරක් සටහන් කරමින්ය.ඔහු ස්නෙච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 118 ක් එසැවීය.ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට ඔසවන ලද බර ප්‍රමාණය කිලෝ 151 ක් විය.

අනෙක් රිදී පදක්කම හිමි වූයේ මනෝජ් විජේසිංහ ට ය.ඔහු ස්නෙච් ක්‍රමයට එසැවු බර ප්‍රමාණය කිලෝ 110 කි.ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට එසැවූ බර ප්‍රමාණය කිලෝ 135 කි.
මේ අතර සිංගප්පූරු වාර්තා පෙන්වා දෙන්නේ තරගාවලියේ පළමු දිනයේ රිදී පදක්කමක් දිනාගත් ඉසුරු කුමාරගේ පුහුණුකරු මේ වන විට කෝවිඩ් පරීක්ෂණයෙන් ධනාත්මක ප්‍රතිඵල පෙන්වා ඇති බවය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...