සජබෙ දිනුවත් මැජික් පෙන්වන්න බැහැ.මිනිස්සුන්ට ඇත්ත කීම වැදගත් – රාජිත

Date:

කොළඹ LNW:ඉදිරි මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගය ජයගත්තොත් රට ඉදිරියට පවත්වාගෙන යාම සඳහා නිසි වැඩ පිළිවෙළක් නැති වුවවොත් මාස හයක් යමට පෙර ජනතාව තම නිවාස වටලනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සේනාරත්න මහතා පවසන්න් දැන් තිබෙන්නේ 2019 පර පැවති දේශපාලනය නොවන බව වටහා ගත යුතුව ඇති බවයි.

සමඟි ජන බලවේගයට වුවද මැජික් පෙන්විය නොහැකි හෙයින් සැබෑ තත්ත්වය ජනතාවට පහදා දිය යුතු වීම වැදගත් බවයි ඔහු සඳහන් කරන්නේ.

“මතක තියාගන්න අපට හරි වැඩ පිළිවෙලක් තියෙන්න ඕන. අපි දිනලා මාස 6න් අපේ ගෙවල් වලට එනවා. ලියල තියාගන්න මම කියපු දේවල් පහුගිය කාලේ එකක්වත් වුණේ නැත්තෙ නැහැනේ. අද දේශපාලනය 2019ට පෙර තිබූ පෙර තිබුණ දේශපාලන නෙවෙයි. ඉතින් අපි ආවා කියලා මැජික් දාන්න බෑ. මේක හරියට මිනිස්සුන්ට පහදලා දෙන්න ඕනේ. නැත්තං වෙන්නේ මොකක්ද මීට හොඳයි රනිල් හිටියනම් කියලා තමයි අපේ ගෙවල්වලට එන්නේ” යැයි සේනාරත්න මහතා අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...