NPP ආණ්ඩුව මුල් මාස හයේ හොරු අල්ලන හැටි ගෙදර ඉදන්ම බලාගන්න පුළුවන් – මේජර් ජෙනරාල් අනුර ජයසේකර

Date:

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ රජයක් යටතේ හොරු ඇල්ලීම පළමු දවසේ පටන්ම ක්‍රියාත්මක බව විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පවසයි.

මහජන දේපළ,මහජන මුදල් වංචා කළ අයට මුල් මාස හය තුළ උත්තර දීමට සිදුවන ආකාරය නිවසේ සිටම බලාගත හැකි බවයි ජයසේකර මහතා සඳහන් කරන්නේ.

”වංචා දූෂණය කියන්නේ වංචාව කියන්නේ ඇත්තටම විවාහ වෙලා ඉඳගෙන හොරෙන් තවත් විවාහයක් කරගන්නවා වගේ දෙයක්. තවත් උදාහරණයක් කිව්වොත් පරිසරය දුෂණය කිරීමත් වංචා දුෂණ ගණයට තමයි වැටෙන්නේ. නමුත් මූල්‍ය වංචාවක් කියන්නේ තමන්ට තියෙන බලය,නිලය සියල්ලම පාවිච්චි කරලා මුදල් වංචා කිරීම තරම් බරපතල දෙයක් නැහැ. මහජනයාගේ දේපල මහජනයාගේ මුදල් වංචා කිරීම තමයි දඬුවම් ලැබිය යුතු වරදවල්. ඒ සම්බන්ධයෙන් ඉතාම පැහැදිලි ප්‍රතිපත්ති ජාතික ජන බලව්ගයේ තිබෙනවා. ඒක පළමුවෙනි දවසේ ඉඳලා ක්‍රියාත්මක වෙනවා. පළමු මාස හයේ බලාගන්න පුළුවන් කොහොමද ඒ වංචා දූෂණ කරපු කට්ටියට උත්තර දෙන්න සිද්ධ වෙනකොට ඔබලාට ගෙදරට වෙලා තමන්ගේ රස්සාවක් කරගෙන බලාගෙන ඉන්න පුළුවන්. නිකමට හිතන්න අල්ලපු වත්තෙන් පොඩි දෙයක් හොරකම් කළොත් ඒක අපේ හිතට කොච්චවද දෙනවද.අපි එහෙම කරන්නේ නැහැ කවදාවත්. එහෙම කරන්න පුළුවන්ද? හිතල බලන්න.” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග ගිනියම් වෙයි: ඉරාන-ඊශ්‍රායල යුධ ගැටුම ලෝක යුද්ධයක ආරම්භයද?

සටහන – ඔවින්දි විෂ්මිකාජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය ජුනි...

සජබෙ අයත් මාලිමාවට පෙම් බැඳලද?

කොළඹ LNW:රහසේම මාලිමාවට පෙම් බැන්ද පිරිසක් පක්ෂය තුළ සිට...

කර්මාන්ත අංශයේ නැග්මක් – වසරේ පළමු කාර්තුවේ දී ආර්ථිකය 4.8% කින් ප්‍රසාරණය වෙලා

කොළඹ LNW:කර්මාන්ත අංශයේ විශේෂ පිබිදීම හේතුවෙන් මේ වසරේ පළමු...

පුංචි ජන්දේ ආදායම් වියදම් වාර්තා නොදුන් ලැයිස්තුව පොලීසියට!

කොළඹ LNW:ආදායම් හා වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පළාත් පාලන...