දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් මත්පැන් බලපත්‍රලාභීන්ට රතු එළියක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මත්පැන් බලපත්‍රලාභීන්ට දැනුම් දීමක් සිදුකර ඇතිබව සඳහන් වේ.

ඒ එළඹෙන වසර සඳහා මත්පැන් බලපත්‍ර අලුත් කිරීමේ දී බලපත්‍රලාභීන් විසින් සියලු හිඟ බදු මුදල් ගෙවා අවසන් කළ යුතු බවත්, බදු නිෂ්කාශන සහතිකය අතීතයේ මෙන් බලපත්‍රලාභීන් විසින් ඉදිරිපත් කිරීම නොව, එය සෘජුවම සුරාබදු දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව බලපත්‍රලාභීන් ඔවුන්ගේ ප්‍රතිලාභ මත පදනම්ව අදායම් බදු, වැට් බදු සහ සමාජ ආරක්ෂණ බද්ද ගෙවීම අනිවාර්ය වේ. එහෙත් ඔවුන් වෙනත් බදු සඳහා ලියාපදිංචි වී ඇත්නම් එම සහතිකය සුරක්ෂිත කිරීම සඳහා අදාළ ගෙවීම් නිෂ්කාශනය ඉදිරිපත් කළ යුතු බව සඳහන්ය.

සුරාබදු දෙපාර්තමේන්තුව මෙවර නව ක්‍රමයක් හඳුන්වා දෙමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු නිශ්කාශන සහතික සෘජුවම දෙපාර්තමේන්තුව වෙත එවනු ලබන්නේ, බලපත්‍රලාභීන් විසින් ඔවුන්ගේ අපේක්ෂිත බදු ගෙවීම් නිෂ්කාශනය කර අදාළ බදු ගෙවීම්වලට අනුකූල වීමෙන් පසුව බව වාර්තා වේ.

තවදුරටත් දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ සඳහා තම බදු නිෂ්කාශන සහතිකය සෘජුවම සුරාබදු දෙපාර්තමේන්තුවට යැවීමට බලපත්‍රලාභීන්ගේ කැමැත්ත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය බව‍යි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...