දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් මත්පැන් බලපත්‍රලාභීන්ට රතු එළියක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මත්පැන් බලපත්‍රලාභීන්ට දැනුම් දීමක් සිදුකර ඇතිබව සඳහන් වේ.

ඒ එළඹෙන වසර සඳහා මත්පැන් බලපත්‍ර අලුත් කිරීමේ දී බලපත්‍රලාභීන් විසින් සියලු හිඟ බදු මුදල් ගෙවා අවසන් කළ යුතු බවත්, බදු නිෂ්කාශන සහතිකය අතීතයේ මෙන් බලපත්‍රලාභීන් විසින් ඉදිරිපත් කිරීම නොව, එය සෘජුවම සුරාබදු දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව බලපත්‍රලාභීන් ඔවුන්ගේ ප්‍රතිලාභ මත පදනම්ව අදායම් බදු, වැට් බදු සහ සමාජ ආරක්ෂණ බද්ද ගෙවීම අනිවාර්ය වේ. එහෙත් ඔවුන් වෙනත් බදු සඳහා ලියාපදිංචි වී ඇත්නම් එම සහතිකය සුරක්ෂිත කිරීම සඳහා අදාළ ගෙවීම් නිෂ්කාශනය ඉදිරිපත් කළ යුතු බව සඳහන්ය.

සුරාබදු දෙපාර්තමේන්තුව මෙවර නව ක්‍රමයක් හඳුන්වා දෙමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු නිශ්කාශන සහතික සෘජුවම දෙපාර්තමේන්තුව වෙත එවනු ලබන්නේ, බලපත්‍රලාභීන් විසින් ඔවුන්ගේ අපේක්ෂිත බදු ගෙවීම් නිෂ්කාශනය කර අදාළ බදු ගෙවීම්වලට අනුකූල වීමෙන් පසුව බව වාර්තා වේ.

තවදුරටත් දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ සඳහා තම බදු නිෂ්කාශන සහතිකය සෘජුවම සුරාබදු දෙපාර්තමේන්තුවට යැවීමට බලපත්‍රලාභීන්ගේ කැමැත්ත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය බව‍යි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...