විදුලි බිල තවත් දරන්න බැහැ.ලක්ෂ 05කගේ විසන්ධි කරලා.තව ලක්ෂ 50කට රතු නිවේදන – විපක්ෂ නායක (VIDEO)

Date:

කොළඹ LNW:අනවශ්‍ය ලෙස විදුලි බිල වැඩි කිරිම නිසා ලක්ෂ 5කගේ විදුලිය විසන්ධි කර තිබෙන අතර තවත් ලක්ෂ 50කට රතු නිවේදන නිකුත් කර තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (04) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

අධික වර්ෂාවක් ලැබෙන මොහොතක ජල විදුලි උත්පාදනයේ ඉහළ යාමක් තුළ විදුලි බල මණ්ඩලය අධික ලාබයක් ලබා ගත් නිසා විදුලි බිල වැඩි කිරීමට විරුද්ධ වු බවත් එම විරුද්ධතාව නොතකා විදුලි බිල වැඩි කළත් මේ වන විට ලක්ෂ 5කට අධික ජනතාවගේ විදුලිය විසන්ධි කර ඇති බවත් තවත් දශලක්ෂ ගණනාවකට විදුලි කප්පාදු කරනවා කියා රතු නිවේදන යවා ඇති බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

විදුලි බල මණ්ඩලයේ මෙම ක්‍රියාවලිය කිසිදු ආකාරයක සාධාරණයක් නොමැති බවයි විපක්ෂ නායකයා පැවසුවේ.

අභයාරාම විහාරස්ථානයේ පවා නිත්‍යානුකූල නොවන ආකාරයට විදුලිය විසන්ධි කිරීමට පැමිණ තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් සිසුන්ට දෙසැම්බර් මාසය පුරාවට ගමනාගමන මණ්ඩලයෙන් සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : අද (16) සිට...

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...

අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද

රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ...

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...