දකුණු පිලිපීනයේ දේව මෙහෙයක් අතරතුර බෝම්බ ප්‍රහාරයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (03) උදෑසන දකුණු පිලිපීනයේ කතෝලික දේව මෙහෙයක් අතරතුර සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් සිව්දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

මේ පිපිරීම සිදු වී ඇත්තේ එරට විශාලතම මුස්ලිම් නගරය වන මරාවි නුවර මින්ඩානෝ විශ්වවිද්‍යාලයේ ශාරිරීක අභ්‍යාස මධ්‍යස්ථානයක පැවැති දේව මෙහෙයකදී බව ද වාර්තා වේ.

බීබීසී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේ, බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයන් 42 දෙනකු රෝහල්ගත කර ඇති අතර, ඉන් වැඩිදෙනකු සුළු තුවාල ලබා ඇති බවයි.

මරාවි නුවර ඉස්ලාම් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධව පසුගිය කාලයේ දැඩි අවධානයට ලක් වූ නගරයක් වන අතර, 2017 වසරේදී රජයේ හමුදාව සහ ඉස්ලාම් සංවිධාන අතර මාස පහක යුද ගැටුමක් සිදු වූයේ එම නගරයේදී බව ද සඳහන් වේ.

මේ බෝම්බ ප්‍රහාරය මරාවි නුවර ඩුලා ඉස්ලාමියා කණ්ඩායම විසින් සිදු කරනු ලැබූ බවට ආරක්ෂක අංශ සැක පහළ කර තිබේ. පසුගියදා මරාවි නුවරට යාබද නගරයේදී පිලිපීන හමුදාව සමඟ සිදු වූ ගැටුමකින් එම කණ්ඩායමේ සාමාජිකයන් 11 දෙනකු ඝාතනය වීමේ සිදුවීමට ප්‍රතිප්‍රහාරක් වශයෙන් මේ බෝම්බ ප්‍රහාරය එල්ල වූ බවට සැක පළ කරයි.

සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...