කාන්තා හා ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේදී හඬ නඟයි (VIDEO)

Date:

ශ්‍රම බලකායේ ප්‍රතිශතයක් ලෙස කාන්තා සහභාගීත්වය සියයට 45ක් තිබිය යුතු වුවත් එය සියයට 32-35 වී ඇති බවත් බංකොලොත් රට බංකොලොත්භාවයෙන් ගොඩ ඒමේ ගමනේ දී කාන්තාවන්ගේ ශ්‍රම බලකායේ සහභාගීත්වය වර්ධනය වන ආකාරයට එම ගොඩ ඒම යා යුතු බවත් ගෘහයේත් නිවසේත් මහපාරේත් වැඩබිමේත් අසහනයට හිරිහැරයට විපතට පත්වන අවස්ථා එමට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රටේ දුප්පත්කම තුරන් කර බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට කාන්තාවගේ කාර්යභාරය ඉහළින්ම ක්‍රියාත්මක විය යුතු බවත් කාන්තාව ආර්ථික වර්ධනයේ පෙරමග ගමන්කරුවා බවට පත්විය යුතු බවත් කාන්ත අයිතිවාසිකම් විරෝධී අනපනත් ඉවත් කර ගත යුතු බවත් මැතිවරණ සමයේ කාන්තා කොමිසම ගැන කතා කළත් අදටත් කාන්තා කොමිසමක් ක්‍රියාත්මක නොවන බවත් ඒ සදහා වෙනමම ජනාධිපති කාර්යසාධන බලකායක් ගැන කතා කළත් එවැනි දෙයක් ක්‍රියාත්මක වෙනවාද කියා නොදන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාන්තා අයිතිවාසිකම් මෙන්ම ළමා අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ ලෝක හා දේශීය ප්‍රඥප්ති තිබුණත් ඒ දේවලා සිදු වෙනවාද කියා ගැටලු සහගත බවත් අතවරයට ලක්වන දුවා දරුවන් අධිකරණයට ගිය පසු හිංසනයට ලක් කළ පාර්ශ්වයත් සමඟ එකට වාඩි වී කටයුතු කරන්න සිදුව ඇති බවත් මේ ක්‍රමවේදය වෙනස් වී හිංසනයට ලක්වූ දරුවාගේ අයිතිවාසිකම සුරක්ෂා වීම තහවුරු කරමින් අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

රටේ බංකොලොත්භාවය තුළ කාන්තා හා ළමා අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් ජීවත් වීමේ මෙන්ම ආර්ථික සමාජීය අයිතීන් උල්ලංඝනය වී ඇති බවත් මැතිවරණ කාලයේ මේ ගැන කතා කළත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ක්‍රියාත්මක වෙනවාද කියා ගැටලු සහගත බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ රටට ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් ඒ තුළ ළදරු, දරුවා සහ මාතෘ පෝෂණය ගැන අවධානය යොමු කළ යුතු බව යි.

කොවිඩ් සහ බංකොලොත්භාවයෙන් පසුව ළමා හා මාතෘ මන්දපෝෂණ තත්ත්ව ගැන හරිහැටි ගණනය කිරිමක් සිදුව නොමැති බවත් පාසල් දූදරුවන් මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ගේ පෝෂණ ඌණතා ගැන කිසිදු සංගණනයක් සිදු කර නොමැති බැවින් මේ පාර්ශ්වයන් සම්බන්ධ විශේෂ අවධානයක් යොමු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (4) පාර්ලිමේන්තුවේදී කාන්තා හා ළමා කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේ දී අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...