මිජවුම් චණ්ඩ සුළි කුණාටුවේ ගමන් මග සහ අද (05) දවසේ වැසි තත්වය

Date:

බටහිර – මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති මිජවුම් (MICHAUNG) චණ්ඩ සුළි කුණාටුව ඊයේ (04) රාත්‍රී 11.30 වනවිට උතුරු අක්ෂාංශ 14.5 සහ නැගෙනහිර දේශාංශ 80.3 ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිට කි.මි. 520ක් පමණ උතුරු දෙසින් පැවතුණි. මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කර අද (05) දහවල් වනවිට දකුණු ආන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ඉන්දියාවේ ගොඩබිමට ඇතුළු වනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද (05) දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශවල ප.ව. 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුව සහිත තත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංචාරක පැමිණීමේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : 2025 වසරේ ගතවූ...

ත්‍රිකුණාමලය ගොවීන්ට වන්දි ගෙවා අවසන්!

කොළඹ LNW:දිට්වා සුළි කුනාටුව හේතුවෙන් හානි වූ වගාවන් සඳහා...

ලියෝ පාප් වහන්සේගේ නත්තල් දින පණිවිඩය

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 25: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: මෙවර නත්තල්...

කොළඹට නත්තල්! (PHOTOS)

කොළඹ LNW: ලොව පුරා උත්සවශ්‍රීයෙන් සමරන උදා වූ නත්තල...