වසර පහක සිය අභිමානය සැමරූ “Uber Eats”!

Date:

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW):
රට තුළ වසර පහක ගමන් මඟක් සම්පූර්ණ කරමින් “Uber Eats” සිය නාමය සනිටුහන් කරයි. කොළඹ, මහනුවර, ගාල්ල ඇතුළු ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක හයක් තුළ මෙම යෙදුම වසර ගණනාවක් පුරා මිලියන 32 කට අධික බෙදාහැරීම් සේවාවන් සිදු කිරීමට උපකාරී වී ඇත.

Uber Eats එහි සාර්ථකත්වය අගයමින් කුරියර් සහ වෙළඳ හවුල්කරුවන්ගේ භූමිකාව හඳුනා ගනිමින් ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට අත්වැලක් ලබා දීමට බැඳී සිටින බව ඊට සමගාමීව පැවැති උත්සවයේ දී පෙන්වා දුනි.

මෙම අවස්ථාවෙහිදී, Uber Eats විසින් ‘Uber Delivery Scholar’ හි තෙවන වැඩසටහන නිවේදනය කරන ලද අතර, කුරියර්කරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව සහ පාසල් සැපයුම් ලබා දීමෙන් ඔවුන්ට උපකාර කිරීම එහි මූලික අරමුණ වේ.

සෑම වසරකම, තෝරාගත් දරුවන්ගේ අධ්‍යයන කාර්ය සාධනය ඇගයීමට ලක් කරනුයේ හොඳ කාර්ය සාධනයක් ඇති අයට ඔවුන්ගේ පාසල් අධ්‍යාපනය තුළින් සහාය වන බව සහතික කිරීම සඳහා ය.

මෙම වසරේ කුරියර්කරුවන් 300 කගේ දරුවන්ට නොමිලේ ශිෂ්‍යත්ව සහ ඉගෙනුම් මෙවලම් ප්‍රදානය කරන ලදී. උසස් අධ්‍යාපනික දස්කම් සහ ක්‍රීඩා ජයග්‍රහණ සහිත දරුවන් දෙදෙනෙකුට පිළිවෙලින් ලැප්ටොප් පරිගණකයක් සහ ක්‍රීඩා භාණ්ඩ වවුචරයක් ද එහිදී ප්‍රදානය කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අල්ලස් චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තවදුරටත් රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ්...

ජාතික ක්‍රීඩා චෙස් පිරිමි සූරතාවය වයඹට කාන්තා සූරතාවය බස්නාහිරට

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ගාල්ල නගර...

පෑලියගොඩ වෙඩිතැබීමක්. තුවාලකරුවෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද...

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන තීරණය ඉදිරියේදී – කථානායක

කොළඹ LNW:ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර...