ලොව වේගයෙන්ම වර්ධනය වන සංචාරක ගමනාන්ත පහ අතරට ශ්‍රී ලංකාවත් !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සංචාරකයන් සඳහා තොරතුරු සපයන ලෝකයේ ප්‍රධානතම සඟරාවක් වන ‘Travel off Path’ සිදුකළ සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාව වේගයෙන් වර්ධනය වන සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇති බව වාර්තා වේ. ඒ ලොව ඉහළම සංචාරක ආකර්ෂණයක් දිනා ගත් රටක් ලෙස යළිත් වරක් සනාථ කරමිනි.

ඒ අනුව, එළඹෙන 2024 වසරේදී ලොව වේගයෙන්ම වර්ධනය වන සංචාරක ගමනාන්ත පහ අතරට ශ්‍රී ලංකාව ද එක්ව ඇති බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවට අමතරව ටියුනීසියාව, මෙක්සිකෝව, මොරොක්කෝව සහ ඩොමීනියන් ජනරජය සෙසු රටවල් වන බව වාර්තා වේ.

දිගු කාලයක් පුරා ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ අවධානය දිනාගත් රටක් වන අතර, ඊට අමතරව පරිසර අලංකරණය, දේශගුණික තත්ත්වය, වෙරළ, දියඇලි, වර්ණවත් සංස්කෘතිය, රසවත් ආහාරපාන මෙන්ම ආගන්තුක සත්කාර ආදිය හේතුවෙන් ශ්‍රී ලංකාව සංචාරක ආකර්ෂණය දිනාගත් රටක් බවට පත්ව ඇතැයි පෙන්වාදෙන ‘Travel off Path’ සඟරාව මෙම 2023 වර්ෂය පුරාම සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයක් දිනාගත් රටක් බවට ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බව ද කියා සිටී.

තවද, එම සඟරාව පෙන්වා දෙන්නේ , මීට කලකට පෙර පැවැති කලබලකාරී තත්ත්වය අවසන් කොට අද වන විට යහපත් තත්ත්වයක් රට තුළ නිර්මාණය වෙමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය යහපත් වී තිබෙන බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර, අද වන විට අමෙරිකානු සංචාරකයන් විශාල ප්‍රමාණයක් අමෙරිකාවෙන් පැමිණෙමින් සිටින බවයි.

ලෝක ප්‍රසිද්ධ දත්ත එකතු කරන්නන් වන SALT ඒජන්සියේ දත්ත හා ‘Travel off Path’ දත්ත එකතු කර මෙම සමීක්ෂණය සිදු කර තිබෙන අතර ‘Travel off Path’ සඟරාව මසකට මිලියන 6ක පමණ පිරිසක් විසින් කියවන බව ද එම සඟරාව අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කරගෙන නිකුත් කරන බවද වැඩිදුරටත් වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය සහ ජනපති අතර හමුවක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

මාලිමාවට තවත් ජයග්‍රහණ තුනක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : අද (16)...

චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක්!

කොළඹ LNW:විවිධ අභියෝග මධ්‍යයේ චීන ආර්ථිකය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම්...

ඓතිහාසික සභාවක් ලෙස සභාවම එකතුවෙලා නගරය ගොඩනගමු – කොළඹ නව පුරපතිනි

කොළඹ LNW:පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මන්ත්‍රීවරු 117දෙනාම එකතු වී...