ආණ්ඩුව විපක්ෂ යෝජනා ගැන ඇහැක් ඇරලා බලන්නේ නෑ – ජේ.සී. අලවතුවල

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කෙතරම් යෝජනා විපක්ෂය සතු වුවද, විපක්ෂය ගෙන එන යෝජනා සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි සවන් දීමක් නොකරන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා කියා සිටී.

ආණ්ඩුව විපක්ෂයට යෝජනා ගෙන එන ලෙස ඉල්ලා සිටිය ද කිසිදු ඵලක් නොමැති බවද ඔහු පවසයි.

විපක්ෂය සෑම විටම යෝජනා ගෙන එන්නේ ජනතාවගේ පැත්තේ සිට බවත්, එම යෝජනා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සූදානම් නැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අමාත්‍යාංශ ගණනාවකට විපක්ෂය යෝජනා රැසක් ගෙනාවා. විපක්ෂය ඉදිරිපත් කරන යෝජනාවලට ආණ්ඩුව සවන් දෙනවද? විපක්ෂය ඉදිරිපත් කරන යෝජනා ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව ලැස්තිද? විපක්ෂය ගෙනආපු යෝජනා සියල්ල ජනතාවගේ පැත්තේ ඉඳලා ගෙනාපු යෝජනා. ආණ්ඩුව යෝජනා ගේන්න කිව්වට විපක්ෂය ගේන යෝජනා දෙස ආණ්ඩුව ඇහැක් ඇරලා බලන්නේ නෑ යැයි ද කීවේය.

විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා ඊයේ (05) මේ බව කීවේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...