නුවන් තුෂාරගෙන් අබුඩාබියේදී විශිෂ්ඨ පන්දු යැවිමක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): අබුඩාබි හී දී පැවත්වෙන ටී 10 තරගාවලියේ ඊයෙ පැවති තරගයකදී අති විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ නුවන් තුෂාර ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් නදර්න් වොරියස් කණ්ඩායමේ කඩුලු 4 ක් ලකුණු 12 බිද දමන්නට සමත් වුණා.සිය පන්දු ඕවර් 2 තුළ මනා පාලනයකින් පන්දු යවමින් සිටි නුවන් ඊයෙ තරගයට එන විට තරග 4 දී බිඳ දමා තිබූ කඩුලු 6 ක ප්‍රමාණය මේ පන්දු යැවීමත් සමඟ කඩුලු 10 ක් දක්වා වැඩි කර ගැනීමට සමත් වෙනවා.


නුවන් ගේ මෙම දක්ෂතාවයට සාපේක්ෂව ඊයෙ නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ටීම් අබුඩාබි කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී මේ දක්වා කඩුලු 9 ක් දවා ගෙන තරගාවලියේ ඉදිරියෙන්ම සිටි පන්දු යවන්නා වූ චාමික කරුණාරත්නට කඩුලු ලබා ගැනීමට නොහැකි වීම නිසා ඔහු දෙවන තැනට ඇද දමමින් තරගාවලියේ පන්දු යවන්නන් අතර පෙරමුණ ගන්නටත් නුවන් තුෂාරට හැකි වෙනවා.නුවන් ඊයෙ නදර්න් වොරියස් කණ්ඩායමේ කඩුලු 4 ක් ලකුණු 12 ට දවා ගැනීම ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ජයග්‍රහණයේ සාධකය බවට සළකා එම තරගයේ වීරයා හැටියට නම් කළේද නුවන් තුෂාර යි.
නුවන්ගේ පන්දු යැවීම සටහන් වූ ලකුණු විස්තරයට පහතින් පිවිසිය හැකියි.


https://www.espncricinfo.com/series/abu-dhabi-t10-2023-24-1410670/deccan-gladiators-vs-northern-warriors-21st-match-1410691/full-scorecard

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අහම්බයක් ….

පුරාවිද්‍යාව හදාරමින් සිටි යුගයකදීමිනිසා සහ අශ්ව හිස ළඟදීඅහම්බයකින්ය අප...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 17) දිනයේදී බස්නාහිර සහ...

ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය වාර්තා වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය...

ආණ්ඩුව පළාත් පාලන ආයතන මාර්ගෝපදේශ සංග්‍රහය අමු අමුවේ උල්ලංඝනය කරනවා – විපක්ෂ නායක සජිත්ගෙන් චෝදනා

සටහන - රුවන් නෙළුගොල්ල පළාත් පාලන ආයතනයක සමස්ත සභික ප්‍රමාණයෙන්...