ළමා අපචාර වැඩි වෙලා! දියණියව අපයෝජනය කළ පියෙකු අයියන්කුලමදී අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වයස අවුරුදු 15 ක සිය දියණියව අපයෝජනය කළ පියෙකු මුලතිව් අයියන්කුලම ප්‍රදේශයේදී අයියන්කුලම පොලීසිය විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබේ.

දියණිය අපයෝජනය කළ පියා සම්බන්ධයෙන් දියණිය ඇගේ මවට සිද්ධිය සැල කිරීම නිසා කෝපයට පත් ඔහු දියණියටද මවටද පහර දී නිවසින් පලා ගොස් ඇති බවද වාර්තා වේ.

අනතුරුව, මව විසින් මුලතිව් අයියන්කුලම පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය විසින් එම දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා මුලතිව් රෝහලේ අදිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කොට ඇති අතර, පොලීසිය විසින් අත් අඩංගුවට ගත් සැකකරුව මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...