*
Wednesday, January 15, 2025
spot_img

Latest Posts

ක්‍රිකට් ප්‍රේමය රටේ වපුල සිංහ නාදය – ප්‍රේමසර ඈපාසිංහ

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):ගම් නියම්ගම් ක්‍රිකට් තරග රේඩියොවෙන් බැලූ යුගයක් විය.ක්‍රීඩකයාගේ රූප කායේ සිටම යවන පන්දුව,එල්ල කරන පහර පමණක් නොව පන්දුව රැකගත් අයුරුද මනසේ චිත්‍රණය කළ හඬ පෞරුෂයන් කියා පෑවේ බසකට හඬකට හැකි විචිත්‍රවත් ලෙස රූපණයට ඇති ශක්‍යතාවය ය.ඒ අතරින් ප්‍රේමසර ඈපා සිංහගේ සහ පාලිත පෙරේරාගේ හඩ සුවිශේෂි වූහ.

ප්‍රේමසර වඩාත්ම වැදගත් වූයේ ක්‍රිකට් සම්බන්ධයෙන් ඔහුට තිබුණ තාක්ෂණික දැණුම නිසාය.ඒ නිසා ක්‍රිකට් නොදත්තෙකුට වුව ඔහු හරයෙන් බර වුණ බසින් තරගයේ විවිධ කාරණා පිළිබඳ තාක්ෂණික විවරයක් කරන්නට සමත් විය.එයට ඔහු නාලන්දයේ උගනින සමයේ ද පසුව උගන්නන සමයේද ක්‍රීඩකයෙක් සහ පුහුණුකරුවෙක් වැනි භූමිකාවල නියැලී, ඉහළ තාක්ෂණික දැණුමක් තිබුණ අයෙක් වීම ඊට හේතුව විය.



ක්‍රිකට් ගැන නොදන්නෙකුට එය රූපමය වශයෙන් ඇඳ ගන්නට අදහස් කිවූ ඈපා සිංහයන්,යම් ක1්‍රිකට් දැණුමක් ඇති අයෙකුට තරගයේ සියල්ලේ චලනයන් තාක්ෂණික වශයෙන් නරඹන්නට හැකි විදිහට වචන භාවිතා කරන්නට සමත් විය.විටෙකෙ ගෙදර තිබෙන රේඩියෝව සහ පුද්ගලයා අතර පරතරය වෙනස් කරන්නට ඔහු දැකු වූ සමර්ථය අපූරුය.අමතකව පුටුවත් ඇඳගෙක තරගය නරඹද්දී උණුසුම සමඟ හුනස්නෙන් නැගිට්ටෙන මිනිස්සු සේ රේඩියෝ ශ්‍රාවකයා සවන්දෙමින් ඉද සිටින අසුනෙන් ඒ මේ අතට චලනය කළ ඈපාසිංහයන් තරගය මැද සාලයට රැඟෙන ආ හැටි අපූරුය.

බොහෝ විට මේ සටහන කියවන පිරිස් ඈපාසිංහයන් පාලිත පෙරේරා වැන්නන් තරගයන උණුසුම අනුව වචනවල වේගය ද,වේග පන්දුවක් තරම් වේගයෙන් වචන ගලක රිද්දයද තාබා ගෙන වචන ගලපන හැටි අපූර්ව සහ තිරයක් මත සිඳුවන සිදුවීමකින් තොරව හදවත මත තරගය හඬින් විචිත්‍රවත් කරන අත්දැකීම විඳ නැතුවා වෙන්නට පුළුවන්ය.එසේත් නැතිනම් තවත් අය තරග රූපමය වශයෙන් විඳිමින් මේ හඬවල්වලට සවන් දී තිබෙනවා වන්නට ද හැකිය.



කෙසේ වුවත් ඒ හඬෙහි තිබුණ වැදගත්ම මොහොත තරගයේ අප සවන් දෙන මොහොතේ රිදිමය නොනසා ගෙන ඒසට තිබුණ හැකියාවය.ඒ අනුව අපේ පපුවේ ගැස්ම රඳවා තබා ගන්නට ඈපාසිංහයන්ට තිබුණ හැකියාව ක්‍රිකට්මය ප්‍රේමය සහ ඥාණය විසින් දායාද කළ එකක්ය.ඒ ප්‍රේමයෙන් යුතුව ක්‍රිකට් රටේ ගම් නියම්ගම් කරා ජාතිකත්වය සහිත හැඟුමකින් ව්‍යාපත් කරන්නට මුල් වූ හඬ පෞරුශයක් වූ ප්‍රේමසර ඈපාසිංහ සිය විස්තර විචාරක දිවිය 55 වසරකට සමීප වෙමින් තිබියදී ඔහුගේ විද්‍යාස්ථානය වන නාලන්දා ආදි සිසුන්ගේ මැදිහතුවීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ රන් ස්වරය – ප්‍රේමසර ඈපාසිංහ නමින් ග්‍රන්ථයක් එළි දක්වන්ට යෙදිණ.

නාලන්දාවට ද වසර 100 ක් ආයු සපිරෙන මොහොතක සිය පාසලටත් රටටත් ගෞරවයක් ආඩම්බරයක් වූ ලොව දසත ක්‍රිකට් දැණුමෙන් පෝෂිත, ක්‍රීඩා විස්තර විචාරයේ පරමාදර්ශී ඈපාසිංහයන් වෙනුවෙන් ආදි නාලන්දියෙක් වු අජිත් ගලප්පත්ති විසින් ඔහුගේ දිවිය අළලා සැකසි වාර්තා චිත්‍රපටයක්ද රළි දැක්වීය.එසේම ඔහුගේ විස්තර විචාර ජීවිතය ඇසුරෙන් මෙන්ම විස්තර විචාරයට එක් වූ ආදි නාලන්දියන්ගේ දැණුමද යොදාගෙන ක්‍රීඩා විස්තර විචාරක පුහුණු පදනම යනුවෙන් සකස් කළ ග්‍රන්ථයක්ද එළි දක්වන්නට යෙදිණි.

ඈපා සිංහයන්ගේ රන් ස්වරය ගැන ඔහුගේ ජීවිතය අළලා සැකසුණු ග්‍රන්ථය එළි දැක්වීම මෙම වැඩ සටහනේ මූලික අභිප්‍රාය වූ අතර එය සකස්කීරීමේ මහඟු කාර්යයට අත තබා තිබුණේ අතුල රංජිත් වෙදමේස්ත්‍රී ය.සුසර ප්‍රකාශනයක් ලෙස එළි දැක්වුණු මේ කෘතිය ඈපාසිංහයන්ගේ ආඩම්බරයට පමණක් නොව විස්තර විචාරයේ,ක්‍රීඩා විචාරයේ හෝ ක්‍රිකට් විචාරයේ මෙන්ම ඔබේ ජීවිතයේ ද බොහෝ තැන් හී දී මාර්ගෝපදේශණය සපයන අකුරු එකතුවක් වනු සැක නැත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan