අර්ජුනත් අලුත් ඉනිමකට සැරසෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක අර්ජුන රණතුංග මහතා නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට සැරසෙයි.

දූෂිතයින්ගෙන් සහ වංචාකාරයින්ගෙන් තොර නව දේශපාලන සන්ධානයක් ගොඩනගන බවයි ඔහු සඳහන් කරන්නේ.

රණතුංග මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුව තිබෙන වංචා දූෂණ සම්බන්ධයෙන් මල්වතු හා අස්ගිරි නාහිමිවරුන් දැනුවත් කිරීමට ගිය අවස්ථාවේදීය.

රණතුංග මහතා ක්‍රිකට් පරිපාලනයට පැමිණීමට අවස්ථා කිහිපයකදීම උත්සහ කළද එය ව්‍යර්ථ වී ගිය අතර හිටපු ක්‍රීඩා අමාත්‍ය රෝෂන රණසිංහ මහතා විසින් පත්කරන ලද අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස පත් වුවද අධිකරණ නියෝගය හේතුවෙන් එහි කටයුතුද ආරම්භ කිරීමට නොහැකි විය.

කෙසේවෙතත් රොෂාන් රණසිංහ මහතාවද ජනාධිපතිවරයාගේ බලතල අනුව අමාත්‍ය ධුරයන්ගේන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...

පළාත් හතක ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: පවතින වැසි සහිත කාලගුණ...

නොවැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල ගණන් වෙනස් නොවේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ...