අස්වැසුමෙන් ආණ්ඩුවේ අස්වැසිල්ල නැතිවෙලාද?

කොළඹ LNW: අස්වැසුම දෙවන අදියර ආරම්භ කිරීමට පෙර පළමු අදියර පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

පළමු අදියරේදී මතු වූ ගැටළු මෙන්ම විවිධ පාර්ශව වෙතින් ඉදිරිපත් වූ යෝජනාද සැලකිල්ලට ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

අස්වැසුම දෙවන අදියර සඳහා ජනවාරි මාසයේදී අයදුම්පත් කැඳවීමට අපේක්ෂා කරන අතර සමාලෝචනයේදී මතුවන කරුණු අනුව සිදුකෙරෙන සංශෝධන ද ඊට ඇතුළත්වනු වනු ඇති.

අස්වැසුම පළමු අදියර යටතේ පසුගිය ඔක්තෝම්බර් මාසය සඳහා ප්‍රතිලාභීන් 1,406,932ක් සඳහා වන ගෙවීම් මේ වන විටත් බැංකු ගත අකර අවසන් බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියි.

මෙම සුභ සාධන ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 20ක් දක්වා වැඩි කරමින් සුදුසුම කණ්ඩායම ඒ සඳහා තෝරාගැනීම රජයේ අපේක්ෂාව බවද ඔහු පවසයි.

ඒ අනුව 2024 වර්ෂය සඳහා රජය මේ වෙනුවෙන් රු.බිලියන 205ක් මුදලක් වෙන්කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...