අස්වැසුමෙන් ආණ්ඩුවේ අස්වැසිල්ල නැතිවෙලාද?

Date:

කොළඹ LNW: අස්වැසුම දෙවන අදියර ආරම්භ කිරීමට පෙර පළමු අදියර පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

පළමු අදියරේදී මතු වූ ගැටළු මෙන්ම විවිධ පාර්ශව වෙතින් ඉදිරිපත් වූ යෝජනාද සැලකිල්ලට ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

අස්වැසුම දෙවන අදියර සඳහා ජනවාරි මාසයේදී අයදුම්පත් කැඳවීමට අපේක්ෂා කරන අතර සමාලෝචනයේදී මතුවන කරුණු අනුව සිදුකෙරෙන සංශෝධන ද ඊට ඇතුළත්වනු වනු ඇති.

අස්වැසුම පළමු අදියර යටතේ පසුගිය ඔක්තෝම්බර් මාසය සඳහා ප්‍රතිලාභීන් 1,406,932ක් සඳහා වන ගෙවීම් මේ වන විටත් බැංකු ගත අකර අවසන් බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියි.

මෙම සුභ සාධන ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 20ක් දක්වා වැඩි කරමින් සුදුසුම කණ්ඩායම ඒ සඳහා තෝරාගැනීම රජයේ අපේක්ෂාව බවද ඔහු පවසයි.

ඒ අනුව 2024 වර්ෂය සඳහා රජය මේ වෙනුවෙන් රු.බිලියන 205ක් මුදලක් වෙන්කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පන්ජාබය එකම ජලාශයක් බවට පත්වේ; ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දින ගණනාවක්...

අපරාධ මඩින්න සිවිල් කාර්ය බළකායෙන් 20,000ක් පොලීසියට!

කොළඹ LNW:අපරාධ මැඩලීම සහ පොලීසියට සහයක් වශයෙන් සිවිල් කාර්ය...

කෙහෙල්බද්දර පද්මේගේ අයිස් අමුද්‍රව්‍ය හංගාගෙන සිටි පොහොට්ටු හිටපු මන්ත්‍රී අත්අඩංගුවට!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම්...