මිහින්තලේ පුදබිමට යොදවා සිටි හමුදා සහ සිවිල් ආරක්ෂක 252 දෙනාම ඉවත් කරගන්නවා – ප්‍රමිත

Date:

මිහින්තලේ පුදබිමේ ආරක්ෂක, ආවේක්ෂණ ඇතුළු විවිධ කටයුතු සඳහා යොදවා සිටි නාවික හමුදා, යුධ හමුදා සහ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින් සියලු දෙනාම අද (10) දවසේ සිට ඉවත් කරගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බවට මිහින්තලේ විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පසුගියදා සිදුකළ ප්‍රකාශයකින් අනතුරුව මෙසේ ආරක්ෂක අංශ සාමාජිකයින් ඉවත් කරගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

“මිහින්තලය පුදබිමේ මේ වනවිට නාවික හමුදාවේ නිලධාරියෙක් ඇතුළුව 103දෙනෙකු ඉන්නවා. හමුදාවේ 48 දෙනෙක් ඉන්නවා සිවිල් ආරක්ෂක බළකායේ 100ක් ඉන්නවා. සියල්ල 252ක් මිහින්තලා පුදබිමේ නොයෙකුත් වැඩකයුතු කරනවා. මෙවැනි තත්ත්වයක් තුළ දෙදෙනෙකු සම්බන්ධයෙන් පෙරේදා ප්‍රකාශක් කළා. මෙම දෙදෙනා ඔක්තොම්බර් 07 වනදායින් පස්සේ රට තුළ ආවේක්ෂණ කටයුතු සඳහා විශේෂයෙන් ආගමික ස්ථාන සංචාරකයන්ගේ ආරක්ෂාව සහ අවේක්ෂණ කටයුතු සඳහා නිලධාරීන් යොදවලා තියෙනවා.

සිවිල් ඇඳුමෙන් පන්සලකට හමුදා නිලධාරීයෙක්ට යන්න බැහැ කියලා අපි දැනගත්තේ පෙරේදා තමයි. දැන් අපි තීන්දුවක් ගත්තා උන්වහන්සේගේ ජීවිතයට තර්ජනයක් තියෙනවා කියලා උන්වහන්සේ කියනවානම් හමුදාව පන්සල තුළ තිබීම නිසා අපි මේ 252ම අද දවසේ ඉවත් කරගන්න කටයුතු කරනවා”

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පවසද්දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේ මිහින්තලේ විහාරාධිපති හිමියන් සමග සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන ලෙසයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...