රටේ ජාතික ආරක්ෂාවටත් සම්බන්ධ විදුලිබල ක්ෂේත්‍රය පෞද්ගලීකරණය කරන්න දෙන්න බැහැ – විපක්ෂ නායක සජිත්

Date:

පාඩු ලබන ආයතනවල යම් වෙනසක් සිදුවිය යුතු වුවත් විදුලි බල ක්ෂේත්‍රයේ ජනනය, සම්ප්‍රේෂණය, බෙදාහැරිම යනාදී ක්‍රියාදාම සහ වාසිදායක වෙනස්කම් රටේ ජාතික ආරක්ෂාවට පක්ෂපාති විය යුතු බවත් ඒ, විදුලි බල ක්ෂේත්‍රය ජාතික ආරක්ෂාවට බලපාන කරුණක් නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විදුලි බල ක්ෂේත්‍රයේ සිදු කිරීමට යන සංශෝධනයන් සිදු කරන්නේ කිසිදු පාර්ශ්වකරුවන් සමග සාර්ථක සාකච්ඡා අවසන් වීමෙන් නොවන බවත් තම තමන්ට හිතෛශී පුද්ගලයන් බඳවා ගෙන ලබැදියාවේ ඝට්ටන ඇති පුද්ගලයන් සම්බන්ධ කර ගෙන මේ රටේ ජාතික සම්පත පාඩු ලබනවා කියමින් විකුණන්න උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

1994ට පෙර විදුලි බල මණ්ඩලය ලාබ ලැබුවත් 1994 න් පසු මේ විනාශ ආරම්භ වූ බැවින් තවත් මෙය ඉදිරියට ගෙන යාමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විදුලි බල ක්ෂේත්‍රය පෞද්ගලීකරණය කිරීමට රජය දරණ උත්සාහය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැහැදිලි කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...