VAT බදු පනතට විරුද්ධව ශ්‍රීලනිපයෙන් තීන්දුවක්. ඇමතිකම් ගත් අය මොනවා කරයිද ?

Date:

අද (11) දිනයේදී යළිත් පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත වැට් බදු පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය ප්‍රකාශ කර ඇත්තේ “පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වැට් (VAT) බදු සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බව ප්‍රකාශ කරමු” යනුවෙනි.

කෙසේවෙතත් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය තනතුරු දරණ නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨයිනුත් රාජ්‍ය අමාත්‍ය තනතුරු දරණ ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් දසනායක, සුරේන් රාඝවන් සහ ශාන්ත බණ්ඩාර යන ශ්‍රීලනිප මන්ත්‍රීවරුනුත් මෙම තීරණය අනුව වැට් බදු පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරයිද, එසේත් නැතිනම් ඔවුන් පක්ෂයේ ස්ථාවරයට පිටින් යමින් පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරයිද යන්න ප්‍රශ්නයකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජොන්ස්ටන් ඇතුළු පිරිසට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : රක්ෂිත බන්ධනගාරගතව...

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...