හෘදය වස්තුවට ආදරේ නම් තෙල් කන්නේ බලාගෙනයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වරක් භාවිත කරන ලද තෙල් නැවත නැවත භාවිත කිරීම නුසුදුසු අතර, ආහාරයට ගනු ලබන තෙල් ප්‍රමාණය පාලනය කිරීම මඟින් හෘදය ආශ්‍රිත රෝගාබාධවලට ගොදුරු වීම ඇතුළු තවත් රෝගවලින් වැළකිය හැකි බව ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර මහතා පවසයි.

විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේ,

“තෙල් පාවිච්චිය ඕනෑවට වඩා ගත්තොත් ඒ මොන තෙලක් වුණත් අපේ ඇඟට අහිතකර බලපෑම් එන්න පුළුවන්. දෙවැනි දේ තමා තෙල් පාවිච්චි කරනකොට අපි නැවත නැවත තෙල් පාවිච්චියට ගත්තොත් සිදුවන රසායනික සංයෝගත් එක්ක අපේ හෘදය වස්තුවේ සහ අපේ ධමනිවල මෙන්ම ශිරාවල තෙල් තැන්පත් වෙනවා. ඒ තුළ අපිට බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම හෘදය වස්තුව ආශ්‍රිත රෝගාබාධවලට ගොදුරුවීමේ හැකියාව තියෙනවා. තෙල් පාවිච්චියේ ප්‍රමාණය අඩුකරගන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට තෙල්වලින් එන කැලරි ප්‍රමාණය එහෙම නැත්නම් ශක්ති ප්‍රමාණය අඩුකරගන්න පූළුවන්. ඇඟ ඇතුළට එන ශක්තිය වැඩිවුණාම ගොඩක් වෙලාවට මහත් වෙන්න බලනවා. ඒ නිසා අපි තෙල් භාවිතා කරනකොට ඒ ප්‍රමාණය අඩු කරන එක වැදගත්. තෙල් නොරැදෙන බඳුනක් භාවිත කරන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට සෞඛ්‍යට වෙන බලපෑම අඩුකරගන්න පුළුවන්.”

ලෙස පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...