ලාංකේය තරුණයෝ අරාබි කුණාටුවකට හසු වෙති

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යටතේ පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 2 ක පරාජයක් අත් විය.පන්දුවට පහර දීමේදී වැඩි ලකුණු සහිත ඉණිමකට යාමට තිබූ ඉඩ හකුලා ගත් ශ්‍රී ලාංකේය ක්‍රීඩකයෝ ලකුණු 220 ට සීමා වූහ.පළමු තරගයේදී ද,ජපානයට එරෙහිව ලකුණු 75 ක ඉලක්කයකට යාමේදී කඩුලු 3 ක් අහිමි කර ගත් පිතිකරුවන් මේ තරගයේදි ද අපරික්ෂාකාරි වූහ.
සිනෙත් ජයවර්ධන පළමු තරගයේදී වගකීම් සහගත බවක් පෙන්නුම් කළ අයුරෙන්ම,එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව ද,අපහසුවකින් තොරව පන්දුවට පහර දෙමින් ලකුණු 49 ක් ලබා සිටියදී ක්‍රිකට් ක්‍රීඩාවේදී සිඳු විය හැකි අවාසනාවන්තම සහ අපරික්ෂාකාරීම දැවීමක් ලෙස සැළකිය හැකි දුවද්දී දැවී යාමකට ගොදුරු විය.ඒ ලකුණු පූවරුව ලකුණු 112 ක් ව තිබියදී තෙවන කඩුල්ල හැටියට 24 වන ඕවරයේ අවසාන පන්දුවේදී ය.
සිනෙත්ගේ දැවීයාමෙන් පසුව වගකීම් සහගත ඉණිමක් දැකිය හැකි වුයේ දිනුර කළුපහනගෙන් පමණි.ඔහුට නිදහසේ පිත්ත හැසිරවීමට බාධා කරමින් අනෙක් අන්තයේ පිතිකරුවෝ එකා පිට එකා දැවී යන්නට වූහ.ඒ නිසා පන්දු ඕවර් 50 නිමා වන තෙක් දිනුර කඩුල්ලේ ඉදිමින් නොදැවී ලකුණු 56 ක් ලබද්දී,ඔහුගේ සහයට ඉලක්කම් දෙකේ දායකත්වයක් දක්වන්නට සමත් වූයේ විශ්ව ලහිරු පමණි.


පිළිතුරු ඉණිමේදී එමීර් රාජ්‍ය කණ්ඩායම වෙනුවෙන් තනීෂ් සූරි වටා ජයග්‍රහණයේ කඳුවරු බැදීම සිදු විය.ඔහු ලකුණු 75 ක් ලබා ගනිද්දී සෙසු පිතිකරුවෝ විශාල ඉණිම් ක්‍රීඩා නොකළ ද,වගකීමෙන් ඔහු රැකගත් ලකුණු වේගය සමඟ සුළු සුළු සබඳතා ඇති කරමින් 49 වන ඕවරයේ දෙවන පන්දුව වන විට කඩුලු 8 ට ඉණිම ලකුණු 224 ක් දක්වා රැඟෙන යාමට දායක වූහ.අංක 6,7 සහ 8 පිතිකරුවන් ලෙස පිළිවෙලින් මරූෆ් මර්චන්ට් (20),නායක ආයන් අෆ්සාල් ඛාන් (33) සහ අම්මාර් බඩාමි (නොදැවී 17) අවශ්‍යයතාවය අනුව සූරිගේ ඉණිම හරහා ජයග්‍රහණය කරා යා හැකි මඟ පෑදුණ පසුව පිත්ත භාවිතා කළ ආකාරය අගය කළ යුතුය.කඩුලු වීසි කර දැමීම වෙනුවට ලකුණු 220 කළමණාකරණය කර ගැනීමට ඔව්හූ සමත් වූහ.
පන්දු යැවීමේදී ගරුක සංඛෙිත් පන්දු ඕවර් 10 ලකුණු 35 ක් දී කඩුලු 3 ක් දවා ගනිමින් නිමා කළ අතර විශ්ව ලහිරු සිය පන්දු ඕවර් 10 ලකුණු 28 ට සීමා කරමින් එක් කඩුල්ලක් දවා ගනිමින් කැපී පෙණින.පළමු තරගයේ පන්දුවෙන් වීරයා වූ මල්ශ තරුපති ට ඊයේ සාර්ථක වීමට නොහැකි වීම මෙන්ම,නායකයෙක් ලෙස සිය පන්දු යැවීමේ බල ඇණිය නිවැරදිව මෙහෙයවීමේ දුබලතාවයක් පෙන්නුම් කළ බවක් දැකිය හැකි විය.එමෙන්ම පන්දු යවන්නන් සුළු ලකුණු ඉලක්කයක් රැක ගැනීම සඳහා ප්‍රතිවාදීන් මත ලකුණු පීඩනයක් ඇති කර දැවීයාම්වලට හසු කර ගැනීම සදහා පන්දු යැවීමක් කරන බවක් ද දැකිය නොහැකි විය.විශේෂයෙන් පන්දු ඕවර් 20 ක් සඛේත් සහ ලහිරු ලකුණු 63 ට කඩුලු 4 ක් දවා ගනිමින් නිමා කරද්දී සෙසු පන්දු යවන්නන් පන්දු ඕවර් 28.2 දී ලකුණු 161 ක් ලබා දී ඇත.


දැන් සිය කාණ්ඩයෙන් අවසාන පූර්ව වටය සඳහා යාමට ශ්‍රී ලංකාවට තිබුණ පහසු අවස්ථාව අභියෝගාත්මක තැනකට පිවිස ඇත.බංගලාදේශය සමඟ වන තරගය ශ්‍රී ලංකාව ජයගත යුුතුම තැනකට පැමිණ ඇත.මේ වන විටත් සහභාගි වූ තරග දෙකම එමීර් රාජ්‍යය කණ්ඩායමට සහ ජපානයට එරෙහිව ජයගෙන සිටින බංගලාදේශ කණ්ඩායම අවසාන පූර්ව වටයට පිවිසීමට අවශ්‍යය සුදුසුකම් සපුරා ඇත.එක්සත් අරාබි එමීර් රාජ්‍යය බංගලාදේශය හමුවේ ලකුණු 167 ක ට දැවී ගිය අතර ඔවුන්ට ඉතිරිව ඇති ජපාන තරගයේදී පළමුව පන්දුවට පහර දී විශාල ලකුණු වේගයක් රඳවා ගැනීමට ඇති ඉඩ සළකා බැලීමේදී ශ්‍රී ලංකාව බංගලාදේශය සමඟ වන තරගය ජය ගැනීම අතිශයින් වැදගත්ය.


පහතින් දැක්වෙන්නේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවති තරගයේ ලකුණු පූවරුවය.ඡායාරූපයේ දැක්වෙන්නේ තරගයේ වීරයා වූ තනීශ් සූරි ය.
https://www.espncricinfo.com/series/asian-cricket-council-under-19s-asia-cup-2023-24-1411739/united-arab-emirates-under-19s-vs-sri-lanka-under-19s-7th-match-group-b-1411753/full-scorecard

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...