මුදල් ඇමති බැසිල් තවත් නඩුවකින් නිදහස් !

රජයේ මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් ගොනු කර තිබුණු තවත් නඩුවකින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියම කළේය.

සමෘද්ධි නිලධාරීන්ගේ පාරිතෝෂික මුදල් අවභාවිතා කළ බව පවසමින් පසුගිය යහපාලන රජය සමයේදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් මෙම නඩුව ගොනු කර තිබුණු අතර එය තවදුරටත් පවත්වාගෙන යෑමට නොහැකි බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී තිබිණි.

ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතාව එම චෝදනාවලින් නිදහස් කිරීමටයි කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...