වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට නව පත්වීමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඊ.ඒ.පී.නිශාන්ත එදිරිසිංහ මහතා, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වන සංරක්‍ෂක ජනරාල් ධූරයට  ඊයේ දින (12) වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්‍නිආරච්චි මහත්මිය විසින් පත් කර ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාවේදී ගෞරව උපාධියක් ලබාගත් ඔහු 1996 වසරේදී ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ සහකාර වන සංරක්‍ෂකවරයෙකු ලෙස වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සේවයට බැඳී ඇති බව සඳහන් වේ.

ඊ.ඒ.පී.නිශාන්ත එදිරිසිංහ මහතා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරී කිරීමේ දී වන ආරක්‍ෂණ කටයුතු, වන සංරක්‍ෂණ කටයුතු, ජෛව විවිධත්ව සංරක්‍ෂණය, වන ව්‍යාප්ති කටයුතු සම්බන්ධයෙන් කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටුකළ නිලධාරියෙකු වන අතර, ඔහු වන ක්‍ෂේත්‍රයට සම්බන්ධ දේශීය හා විදේශීය ආයතනවල ප්‍රසාදයට හා ගෞරවයට පාත්‍ර වූ නිලධාරියෙකි.

ඔහු දැනට වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙසද වගකීම් දරනු ලබන අතර ඔහු වනාන්තර පුනරුත්ථාපනය සහ තිරසර වන කළමනාකරණය පිළිබඳ ආසියා ශාන්තිකර ජාලයේ ශ්‍රී ලංකා කවුන්සිල නියෝජිතයා ද වන බව පැවසේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොරියාවට යනවා නම් මේ පාරෙන් යන්න!

කොළඹ LNW:''කොරියාවට යනවා නම් හරි පාරෙන් යන්න.සල්ලි ගෙවලා කෙටි...

චීනයේ ග්වැන්ෂෝ සිට පා පැදි තරගකරුවන් 20ක් මෙරටට!

රෂිකා හෙන්නායක ජූලි 23, කොළඹ LNW : ” ශ්‍රී ලංකා...

පිලිපීනයත් ට්‍රම්ප්ගේ බද්ද 19% දක්වා අඩුකරගනී !

පිලිපීනයත් සමග නව වෙළඳ ගනුදෙනුවට පිවිසෙමින් එරටට පැනවූ තීරුබද්ද...