ඇමති හරීන්ගෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමක්!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක නොකරන නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (13) අභියාචනධිකරණයට දැනුම් දී තිබේ.

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඉදිරිපත් කළ පෙත්සම කැඳවූ අවස්ථාවේ දී මෙම දැනුම්දීම සිදුකර ඇත.

ඒ අනුව අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද? නැද්ද? දැනුම් දීම සඳහා ලබන 15 දා නඩුව කැඳවන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කරන ලද 2023 නොවැම්බර් 05 දිනැති අංක 2356/43 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...