මෙරට පෙර පාසල් ළමා මනසට සාධාරණද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරට  පෙරපාසැල් බොහොමයක් ළමා මනස හදුනා නොගෙන ක්‍රියාත්මක වන ආයතන බව ළමා හා නව යොවුන් මනස පිලිබද විශේෂඥ  වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය පවසයි.

බොහෝ පෙර පාසැල් වලට අවශ්‍යව ඇත්තේ අකුරු,පාට,ඉලක්කම් ඉගැන්වීම ඇතුළු පාසැලේදී ඉගැන්වීමට අවශ්‍ය කරුණු පෙරපාලේදී ඉගැන්වීමට බව බව ඇය පෙන්වා දෙයි.

දෙමාපියන් ද මේවා පෙරපාලේදී ඉගැන්වීම අපේක්ෂා කරති.එහෙත් පෙර පාසැල් ප්‍රමුඛත්වය ලබාදී කල යුත්තේ මේවා නොවන බව ඇය පෙන්වා දෙයි.

පාසැලේ ඉගැන්වීම් කටයුතුවලට පූර්ව ලෙස දරුවා සූදානම් කරවීම මෙන්ම නිර්මාණශීලී බව නැංවීමේ ක්‍රියාකාරකම්,බෙදා හදා ගැනීම,අනෙක් අය සමග සාමුහිකව ජීවත් වීම,සහකම්පනය දරුවා තුළ වැඩෙන ආකාරයට දරුවා සමග කටයුතු කිරීම ඇතුළු දරුවාගේ මනස ගැන විශේෂයෙන් අවබෝධ කර ගනිමින් කරන ක්‍රියාකාරකම් ගැන ප්‍රමාණවත් අවබෝධයක් සහිතව පමණක් පෙර පාසැල් පවත්වාගෙන යාම අනිවාර්යයෙන් කල යුතු බව වි.වෛද්‍ය දර්ශනී දැඩිව පවසයි .

බොහෝ විට ශ්‍රී ලංකාවේ පෙර පාසැල් පෞද්ගලිකව පවත්වාගෙන යති. මේවා දැඩිව හා සමීපව නියාමනය හා අධීක්ෂණය කල යුතු බවද ඒවා පවත්වාගෙන යන පිරිස් වෙත දරුවාගේ මනස ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධ ක්‍රමානුකූල නිසි පුහුණුවක් තිබීමේ වැදගත්කම ද අවධාරණය කෙරේ.

එසේ නොමැතිව සිතූ සිතූ ලෙස පෙර පාසැල් වයසේ දරුවන් සමග කටයුතු කිරීමෙන් අනාගත පරපුර දැඩි ආත්මාථ කාමී, නිර්මාණශීලී නොවන,මනසේ විවිධ වෙනස්කම් සහිත, මිනිස් ගුණදම් නොතකන අමුතු පරපුරක් බවට පත්වීමට හැකි බව ඇය පවසයි.

එබැවින් එළඹෙන නව පෙර පාසැල් වාරයට පෙර දෙමාපියන් මෙන්ම රටක් වශයෙන්ද මෙම කරුණු සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කල යුතු බවට වි.වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය අවධාරණය කර සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත් සමග එකතු නොවීමේ වන්දිය ගෙවන රනිල්!

අගෝස්තු 23, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ දේශපාලනය බොහෝ කලක...

නිව්යෝර්ක් අධිවේගී මාර්ගයේ සංචාරක බස් රථයක් අනතුරට ලක්වීමෙන් පස් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නිව්යෝර්ක් බෆලෝ...

පොරවල් අතර පොරේ පොර : හරියටම හරියන සුදාගේ අනාවැකි !

යූටියුබ් සුදා හෙවත් සුදත්ත තිලකසිරි ප්‍රසිද්ධියේම කියපු අනාවැකියක් ඊයේ...