2024 අයවැය තෙවැනි වර කියවීම වැඩි ඡන්ද 41 කින් අද (13) දිනයේදී සම්මත විය.
මීට මඳ වේලාවකට පෙර පැවති ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 81ක් ලැබී තිබිණි.
සී. වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.
පසුගිය නොවැම්බර් 21 වනදා පැවති අයවැය දෙවැනි වර කියවීමේදී ද ඊට පක්ෂව ඡන්ද 122ක් ලැබී තිබුණු අතර විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 77ක් පමණි.
ඒ අනුව අයවැය තෙවැනි වර කියවීමේදී අයවැයට විපක්ෂ ඡන්ද සංඛ්‍යාව 4කින් වැඩිවී ඇත.
RN