ජනාධිපතිවරයා එතුමාගේ වැල් පාලමෙන් රාජපක්ෂ පවුල නම් ගොඩ අරන් කේකුත් කෑවා – සජිත් (VIDEO)

Date:

රජය IMF එකත් එක්ක කාර්තු 8කින් ගෙවීමට ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය ගිවිසුමකට ප්‍රවේශ වූ බවත් ඒ යටතේ කාර්තුවකට ඩොලර් මිලියන 333ක් ලැබෙන බවත් පළමු කාර්තුව ලැබුන නමුත් රජයේ දූෂණ වංචා හොරකමත් ආදායම් ඉලක්ක සම්පූර්ණ කර ගත නොහැකි වීම නිසා දෙවැනි කාර්තුව නොලැබුණත් පසුව එය ලැබුණේ වැට් බදු සහ විදුලි බිල අධික ලෙස වැඩි කිරීම නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේම සමගි ජන බලවේගය හොරු සහ රට බංකොලොත් කළ පුද්ගලයන් සමග ආණ්ඩු කරන්න බය වූ නමුත් වත්මන් ජනාධිපතිවරයා ඒ කිසිවකට බය නොවී එතුමාගේ වැල් පාලමෙන් රාජපක්ෂ පවුල ගොඩ ගෙන කේක් පවා කෑ බවත් ජනාධිපතිවරයා රටේ ලක්ෂ 220 අමතක කළාට සමගි ජන බලවේගය රටේ ජනතාව අමතක කරන්න සූදානම් නොමැති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (13) අයවැය විවාදයේ අවසන් කතාව සිදු කරමිනි.

විදුලි බිල වැඩි කර වැට් එක උපරිම ලෙස වැඩි කර මහජනතාව මරණ මංචකයට ගෙන යමින් රට බංකොලොත් කළ රාජපක්ෂ හවුල දිව්‍ය ලෝකයට ගෙන යන්න ජනාධිපතිවරයා කටයුතු කළ බවත් ඉදිරියේ දී ගැස් පෙට්‍රල් ඩිසල් මිල ඇතුළු සෑම දෙයකම මිල වැට් බදු නිසා ඉහළ ගොස් ජන ජීවිත විනාශ වුණත් ජනාධිපතිවරයාට රටේ ජනතාව ගැන කැක්කුමක් නොමැති බවත් ජනාධිපතිවරයා රාජපක්ෂවරු ඇතුළු පොහොට්ටු හොර නඩය ආරක්ෂා කරමින් සිටින බවත් බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළිය සහ බිරිඳ එළියට එද්දී දියණියන් දෙදෙනා සහ බෑනා අත්අඩංගුවට!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණ චෝදනා මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ...

චීන-දකුණු ආසියා සම්බන්ධතා ශක්තිමත් කරමින් 09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ!

කොළඹ LNW:09 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අද (19) නිරිතදිග...

කෙහෙළියගේ බෑනා,ලේලි සහ තවත් දියණියක් අල්ලස් කොමිසමට කැඳවල!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුල්වැල්ලගේ බෑනා, ලේලිය සහ තවත්...

දුමින්ද දිසානායක යළි රිමාන්ඩ්!

කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ...