අග්‍රාමාත්‍යවරයාගේ මහා ශිව රාත්‍රී සුභාශිංසන පණිවුඩය

0
220

2022 මාර්තු 01

සුභාශිංසන පණිවුඩය

සියලුම හින්දු බැතිමතුන් ඔවුන්ගේ උත්තරීතර දෙවියන් සිහිකර උපවාසයේ යෙදෙමින් ඉතාමත් ශ්‍රද්ධාවෙන් සමරන මහා ශිව රාත්‍රී දිනයට මම ඉතාමත් සතුටින් සුභාශිංසන පළ කරමි.

සෑම ආගමක් තුළම සමෘද්ධිමත් ජීවන ගමනක් උදෙසා අධ්‍යාත්මිකත්වය මූලික වේ.

විමුක්තිය සොයා යන සියලුම හින්දු භක්තිකයන්ට මහා ශිව රාත්‍රී දින උපවාසය අධ්‍යාත්මික වශයෙන් ශුද්ධ වූ චාරිත්‍රයකි.

මෙම පූජනීය චාරිත්‍රය තුළින් දෙවියන්ගේ අධ්‍යාත්මික ශක්තිය තමන් වෙතට ලැබෙනු ඇතැයි හින්දු භක්තිකයෝ විශ්වාස කරති.

එමෙන්ම ජීවිතයේ සෞභාග්‍ය ප්‍රාර්ථනා කිරීමට ද මහා ශිව රාත්‍රී දිනය යහපත් දිනයකි.  අද දිනයේ එකමුතුව වන්දනාමාන කිරීම තුළින් බොහෝ ප්‍රතිඵල ලැබිය හැකි බව හින්දු භක්තිකයන්ගේ පිළිගැනීමයි.

විවිධ ජනවර්ග හා ආගම් සමඟ එක්ව කටයුතු කිරීම තුළින් ඔබට මෙන්ම රටට ද යහපත් අනාගතයක් නිර්මාණය කර ගැනීමට අවස්ථාව උදා වේ.  එවන් ශක්තිමත් අනාගතයක් උදෙසා ජීවත්වීමේ අභිලාෂයන් නිවැරදිව මුදුන් පමුණුවා ගැනීමට මහා ශිව රාත්‍රී දින උපවාසය ඉතා වැදගත් බව මාගේ විශ්වාසයයි.

දුකට පත් සිතට ඔබ සතුට අපේක්ෂා කරනවා මෙන් අඳුරෙන් වැසුණු ජීවිතයට අද වැනි දිනෙක ඔබ ආලෝකය ප්‍රාර්ථනා කළ යුතුය.

මහා ශිව රාත්‍රී දින උපවාසයේ යෙදෙන ශ්‍රී ලාංකික හින්දු භක්තික ඔබ සැමගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා!

මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ

අග්‍රාමාත්‍ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here