*
Monday, April 28, 2025
spot_img

Latest Posts

පැරිස් එන “IOC ආදරණීය මනුස්සකමේ කණ්ඩායම” මසෝමා යටතට

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ලෝකය දිනූ සියලු මිනිසුන්ට අයිතිය.කිසිඳු ආගමික නායකයෙක් එය තමන්ගේ ලබ්ධිකයන්ට පමණක් අදාළ ලෝකයක් බව කියා නැත.ඔවුන්ගේ දර්ශනය ලෝකයම පදනම් කර ගත් එකකි.එහෙත් ආගම,ජාතිය සහ විවිධ වූ වෙනස්කම් පදනම් කරගෙන බල අරගලවල යෙදෙන දේශපාලකයන්ගේ තන්හාවෙන් දැවෙන අලුවෙන ලෝකය සැමට පොදු තැනක් කරන දේශපාලනය මේ වන විට ලෝක ක්‍රීඩා ප්‍රධානීන්ගේ අරමුණුවල මුලටම පැමිණ තිබෙන මාතෘකාවක්ය.තරගකාරී ක්‍රිඩා පොළව සියලු මනුස්සයන්ට ආදරය ඇති කලහකාරීත්වය පිටු දකින සාමයේ සහ සාධාරණත්වයේත්,ස්වීය හැකියාවන් සඳහා යුක්තිය සැළසෙන ආකාරයේ ක්‍රියාන්විතයන්වලිනුත් පොහොසත් ආශ්චර්යමත් ප්‍රකාශනයක්ය.

ඒ නිසා උපන් බිමෙන් අවතැන් වුව ද,ක්‍රීඩක හැකියාවන්වලට අවතැන් වන්නට නොදී එය වර්ධනය කර ගැනීමට මෙන්ම,ඒ හැකියාවන් ලෝකය ඉදිරියේ බුහුමනට ලක් කිරීම පිණිස සකස් කළ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පෙරමුණ ගත් ක්‍රිඩා සංස්කෘතිය ඇතුළත ලෝක සරණාගත ඔලිම්පික් කණ්ඩායමට හිමිවන්නේ විශේෂ තැනකි.2024 පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගි වන එම ක්‍රීඩක ක්‍රීඩිකා කණ්ඩායමේ කණ්ඩායම් ප්‍රධානි තනතුර හිමිව තිබෙන්නේ ඇෆ්ගනිස්තානයේ හිටපු පාපැදි සුරියක වන මොසෝමා අලි ෂාඩා වෙතයි.ඇයට සහය නියෝජ්‍ය කණ්ඩායම් ප්‍රධානි තනතුරය පත් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය වන UNHCR හි ජාත්‍යන්තර ආරක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ බර්නඩේට් කැස්ටල් හොලින්ග්ස්වෝර්ත් ය.
ජාත්‍ය්නතර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් පෙන්වා දෙන්නේ ලොව පුරා මිලියන 110 ට වැඩි ජනතාවක් අවතැන්ව ඇති බවය.ඒ නිසා එවැනි ජනතාවක් නියෝජනය කරන මසෝමා මෙම තනතුරට වඩාත් සුදුසු බවය.
මසෝමා ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙල ද නියෝජනය කළ ක්‍රීඩිකාවකි.ඉස්ලාම් මූල ධර්මවාදීන්ගේ ග්‍රහණයේ පවතින වර්ථමාන ඇෆ්ගනිස්තානය කාන්තාවන්ගේ ක්‍රීඩා කිරීමේ අයිතිය පමණක් නොව අධ්‍යාපන අයිතිය පවා අවලංගු කර තිබෙන මොහොතක මසෝමාට ඇෆ්ගනිස්තාන දේශපාලනය ඇතුළේ පීඩිත ගැහැණියක නොවි,ලෝකයටම සිය හැකියාවෙන් නායකත්වය දෙන්නට ඉඩක් ඇති පොදු බිමක් ක්‍රීඩාව ඇසුරේ නිර්මාණය වීම අතිශයින් අගය කළ යුතු ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) ක්‍රියාවලියකි.
අලි සාඩා ඇෆ්ගනිස්ථානයේ උපත ලැබුවේ ගැහැණු ළමයින් බයිසිකල් පැදීමට දිරිගන්වන්නේ නැති ගතානුගතික ප්‍රජාවක බවත්, ඇය සහ කාන්තාවන් කණ්ඩායමක් තරඟ කිරීමට පටන් ගත් විට තර්ජනවලට ලක් වූ බවත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පෙන්වා දුන්නේය. ඇය මුහුණ දුන් බොහෝ බාධක මධ්‍යයේ වුවද, ඇය නොපසුබට උත්සාහය දරා අවසානයේ ඇෆ්ගන් ජාතික කාන්තා පාපැදි කණ්ඩායමේ සාමාජිකාවක් ලෙස තරඟ වැදුණාය.

ඇෆ්ගනිස්තානයේ දේශපාලන පීඩනය හමුවේ ඇය 2017 දී සරණාගතයෙකු වී ප්‍රංශයේ සරණාගතභාවය අපේක්ෂා කළාය. ටික කලකට පසු, ඇය ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීමේ සිහිනය සැබෑ කර ගැනීමට පියවරක් තබමින් IOC වෙතින් සරණාගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වූ ශිෂ්‍යත්වයක් ලබා ගත්තාය. ඇය දැනට ලිලී විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව හදාරමින් සිටින අතර 2022 ජූලි මාසයේදී IOC මලල ක්‍රීඩා කොමිසමට පත් කරන ලදී.
මසෝමා පවසන්නේ,ක්‍රීඩක ක්‍රීඩිකා කණ්ඩායම පමණක් නොව ලොව පුරා මිලියන 100කට අධික අවතැන් වූ ජනතාව නියෝජනය කිරීමට ලැබීම ඇයට ආඩම්බරයක් බවය තමන්. පැරීසියේදී සරණාගතයින්ට සැබවින්ම හැකියාව ඇත්තේ කුමක්දැයි ලොවට පෙන්වීමට සහ ලෝකය දකින ආකාරය නැවත අර්ථ දැක්වීමට අවස්ථාව උදා කර ගත් බවද මසෝමා පවසන්නීය.


ක්‍රීඩාව ශාරිරික සහ මානසික නිරෝගීභාවයේ ප්‍රකාශනයක් යන සීමාව ඉක්මවා,ලෝකයේ අවලංගු දේශපාලන න්‍යාය පත්‍ර යටතේ මානවයාට පවරන සීමාවන් අතික්‍රමණය කළ හැකි ලෝක දේශපාලනයේ මානුෂීය ප්‍රකාශයක් කරන්නට තරම් බලවත් සහ අර්ථවත් තැනක පිහිටුවා, IOC විසින් කරන බලපෑම අතිශයින් අගය කළ යුතු ක්‍රියාවලියකි. ඒසේම මේ වන විට විවිධ දේශපාලන පාර්ශව ලෝකයේ ක්‍රීඩාව රටේ නීතිමය ව්‍යහුය මත හැසිරවිය හැකි බවට වසර ගණනාවක් පරණ නීතිමය තත්ත්වයන් සංශෝධනය නොකර තර්ක ගොඩ නඟමින් සිටින ලංකාව වැනි රටකට මසෝමා යනු පූර්වාදර්ශයක් ලෙස අධ්‍යයනය කළ යුතු චරිතයකි.ඝාතනය දක්වා යා හැකි වෙඩි උණ්ඩය දක්වා පළල් වූ අමානුෂික දේශපාලනයකට ලෝකයේ මිනිසුන්ගේ අයිතීන් සහ හැකියාවන් යටත් කළ නොහැකි තැනක් හැටියට සරණාගත ඔලිමිපික් කණ්ඩායම හරහා ලෝකයට දෙන පණිවිඩය IOC මනුස්සකමේ ආදරණීයත්වය ලොවට කියා පෑමකි.ඒ් අනුව මසෝමා ඒ් පළල් ආදරයේ ප්‍රකාශිත කණ්ඩායමේ ප්‍රධානියා ලෙස 2024 දී පැරිසියේදී කටයුතු කරනු ඇත.


මිනිසුන්ගේ අයිතීන් පරාජය කරන්නට උත්සාහ කරන ආගම්,ජාති හෝ වෙනත් බෙදීම් ඇතුළත් බල ගැන්වුණ් දේශපාලනයට ඒරෙහිව ලෝකය පුරා සිටින මිනිසුන්ට අවිහිංසාවාදීව තමන්ගේ අරමුණු ජය ගන්නට IOC විසින් තැණුන මේ ආදරණිය සහ මානුෂීය වේදිකාව මත ඉදිරිපත්වීමේ අවස්ථාවම,අසාධාරණයට,අයුක්තියට,අමනුස්සකම්වලට සහ අවිද්‍යාවට එරෙහි මනුස්සකමේ ජයග්‍රහණයකි.ඒහි අවසනට වරක් මසෝමා තරගවලට ඉදිරිපත් වීමේ අවස්ථාව ලද මොහොතක කියූ වදනින්ම තේරුම් ගැනීම වැදගත් වනු ඇත.
“කාන්තාවන්ට බයිසිකලයක් පැදවීමට අයිතියක් නැතැයි සිතන මිනිසුන්ට එරෙහිව මම දැනටමත් ජයග්‍රාහකයෙකි.” ඒ් මසෝමාගේ වචනය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan