2024 ට විශ්වවිද්‍යාලවලට සිසුන් 41,000ක් බඳවා ගැනීමට තීරණයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2024 වසර සඳහා මෙරට විශ්වවිද්‍යාලවලට සිසුන් 41,000ක් බඳවා ගැනීමට තීරණය කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසයි.

එම සිසුන් විශ්වවිද්‍යාලයට පැමිණීමට පෙර තමන් තෝරාගත් විෂයට අනුව මාස හතරක සමාජ සේවා කටයුත්තක නිරත විය යුතු බවත්, ඒ සඳහා නව වැඩපිලිවෙළක් සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම, මෙරට විශ්විද්‍යාලවල මානව ශාස්ත්‍ර අංශයේ ප්‍රතිසංස්කරණ රැසක් නුදුරේදීම සිදු කිරීමට සැළසුම් කර ඇති බවත්, විශ්වවිද්‍යාලවල පරිපාලන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා උපකුලපතිවරයාට අමතරව නියෝජ්‍ය උපකුලපතිවරුන් පත් කිරීමට සැළසුම් කර ඇති බවද ඔහු එහිදී පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳ කියා සිටියේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුමිදුගේ ඇමෙරිකානු බැඩිමින්ටන් සැරිසැරීමේ තවත් පියවරක අවසාන හතරට

නිශ්මං රණසිංහ නොවැම්බර් 01,  කොළඹ LNW: XVI Mexican International 2025 තරගාවලියේ...

මැලේසියාවට එරෙහිව දෙපැත්තකින් ගොඩ යන තීරණයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 01,  කොළඹ LNW: මැලේසියා කාන්තා කණ්ඩායමට එරෙහිව තරග...

මිචෙල් අවසාන තරගයේ තීරකවරිය වීමේ ගෞරවය දිනා ගනියි

නිශ්මං රණසිංහ නොවැම්බර් 01,  කොළඹ LNW: රටක ක්‍රීඩාව දියුණුවට පත්වන්නේ ඒ...

ඉන්ධන මිලේ වෙනසක්!

කොළඹ LNW:මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල...