ඔබ තුළ සිටින රාජපක්ෂවාදියාව පරාජය කරන්න ….

සැබැවින්ම රාජපක්ෂවාදය යනු බැසිල්, මහින්ද, ගෝඨා, නාමල් යන පුද්ගල චරිතවලින් සැදුම් ලද්දක් නොවේ.. එය සුළු ජනවර්ග බැහැරකරනු ලැබූ උද්දච්ච ජාතිකවාදී දෘෂ්ටිවාදයකි. මෙය දේශපාලන දෘෂ්ටිවාදයක් ලෙස පැහැදිලිව දැක ගතහැකි වූයේ 56 බන්ඩාරනායකගේ ජාතිකවාදී ආගමනයත් සමඟය..

එදා බන්ඩාරනායකගේ ආගමනයද මේ ලෙසම පරිසමාප්තියට පත්වූයේ දිගුකල් පවත්නා වර්ගවාදයක් රට තුල රෝපණය කොට සහ මේ ලෙසම ලෝකයෙන් හුදෙකලා කල බංකොලොත් භාවයකට රට ඇදවට්ටමින් ය..

මේ දෘෂ්ටිවාදය පුද්ගල ප්‍රශ්නයක් නොවන්නේ මේ මුග්ධ දෘෂ්ටිවාදය මතුවෙන සෑම විටකම ඒ පසුපසින් බහුතර ජනකායක් රොද බැඳගැනීම නිසාය..

මේ රාජපක්ෂවාදයේ ඇති තවත් එක් ප්‍රබල ලක්ෂණයක් නම් ඒ තුල ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩක් නොතිබිමයි… ඔවුන්ගේ මතයට පිටින් මත පලකරන්නන් එදා දේශද්‍රෝහීන්, පරගැතියන්, කළවම් ජාන ඇත්තවුන් යනුවෙන් නිග්‍රහයට භාජනය කෙරුනි..

මේ මොහොතේ ඔවුන්ගේ පොහොට්ටු කොඩි කනුවල තණ කොල මිටි බැඳ තිබීම තුලින් පෙරලා ඔවුන් වෙත ලැබී තිබෙන්නේද ඔවුන් වගාකල කෲර විසම්මුතියම බව අපට සිතිය හැකිය..

ඒ අනුව රාජපක්ෂවාදය යනු යුග යුග ගණන් ඉතිහාසයේ පසුපසින් එන අපේම දෝශයක් ලෙස තේරුම් ගෙන එය පුද්ගල ප්‍රශ්නයකට ඌණනය නොකර එය දෘෂ්ටිවාදයක් ලෙස ගෙන පරාජය කරන තුරු එය විවිධ නාමකරණ තුලින් යලියලිත් පෙනීසිටිය හැකිය.. එහි විසම්මුතික හොල්මන් විවිධ ස්වරූප වලින් යලි යලිත් එළිබැසිය හැකිය ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...