හරිහරන් අතරමං වෙලා!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ LNW : දකුණු ඉන්දීය සුපිරි ගායක හරිහරන් ඇතුළු ගායක ගායිකාවන් 11 දෙනෙකු යාපනයේ අතරමංව ඇති සිද්ධියක් වාර්තාවේ. ඒ යාපනයේ ප්‍රසංගයක් සදහා පැමිණ සිටින අවස්ථාවේදී බවයි වාර්තා වන්නේ .

මේ මස 21වැනිදා යාපනයේ මූරාවේලී ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ සංගීත ප්‍රසංගයකට සහභාගී වීම පිණිස මේ කණ්ඩායම පැමිණ සිටි අතර ධාරානිපතා වර්ෂාව හා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ප්‍රසංගය අවලංගු කිරීමට සංවිධානකරු අද (17) තීරණය කර ඇත.

එබැවින් හරිහරන් ඇතුළු පිරිස ආපසු දකුණු ඉන්දියාවට යැවීමට සංවිධායකයෝ තීරණය කොට ඇත.

නමුත් ඉන්දියාව හා යාපනය අතර ගුවන් ගමන්ද අයහපත් කාලගුණික තත්ත්වය මත සීමා වී ඇති හෙයින් හරිහරන් ඇතුළු ගායක ගායිකාවෝ ද සංවිධායකයෝ ද දැඩි ප්‍රශ්නයකට මුහුණ පා සිටින බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...