*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

සෞඛ්‍ය සේවාව වැඩ බලන පත්වීම් වලින් දුවවන්නේ ඇයි ? රවී කුමුදේශ්  පහදයි.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සෞඛ්‍ය සේවාව වැඩ බලන පත්වීම් වලින් දුවවන්නේ, දූෂණ වංචා සිදු කරන්න පහසු නිසා බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති
කුමුදේශ් මහතා පවසයි .

සෞඛ්‍ය සේවාවේ කළමනාකරණ තනතුරු සියයකට වඩා රඟපෑම් කිරීමට  දමා ඇති වැඩබලන තනතුරු බවද ඔහු කියා සිටී.

වැඩිදුරටත් ඒ මහතා පවසන්නේ ,

“අවුරුදු අටකින් රෝහල්වල සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ  අධ්‍යක්ෂක තනතුරු සඳහා සම්මුඛ පරීක්ෂණ  කැදවලා නෑ”

“ඇමති සහ ලේකම් මාරුකල පලියට අධ්‍යක්ෂකවරු හරියට වැඩ කරන්නේ නැතුව, සෞඛ්‍ය සේවාව නිවැරදි කරන්න බෑ”

“රඟපාන අය නටවන්න ලේසි නිසා ඇමතිවරු, ලේකම්වරු හොරකම් වලට ඒ අයව පාවිච්චි කලා. තවදුරටත් අළුත් ඇමතිත් ඒකම කරනවානම්, වෙනසක් වෙන්නේ නෑ”

“සෞඛ්‍ය සේවාවේ සිදු වෙච්ච සියළු වැරදිවලට, නිසිකලට තනතුරු පත් නොකරපු අයත් වග කියන්න ඕනේ”

සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනස් කරන්න පත් කරපු අළුත් ලේකම් වරයා කරමින් ඉන්නෙත් රඟපා, වැඩ බලන තනතුරු පත් කරන එක.

අඩුම තරමින් වෛද්‍ය සැපයීම් අංශයටවත් රඟ නොපාන ස්ථිර අධ්‍යක්ෂ  ජනරාල් වරයෙක් සහ අධ්‍යක්ෂක වරයෙක් පත් කරන්න බැරිනම්, සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනස් කරන්න අළුත් පාලනයට පුළුවන් වෙන එකක් නෑ.

වෛද්‍යවරු 22000ක වැඩ කරන්න ඉන්නේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් කෙනෙක්. ඔහු ලංකාවටම තියන ප්‍රධාන ළමා රෝහලෙත් අධ්‍යක්ෂක.

උතුරු මැද තියන පොලොන්නරුව රෝහලේ එක්කෙනාම වයඹ පළාතම බලන්න දාලා රඟපාන්න දාලා තියනවා. පළාත් අධ්‍යක්ෂකලාගෙන් 50%ක් වැඩ බලනවා.

ජාතික රෝහලේ අධ්‍යක්ෂක තනතුරු දෙකම රඟපානවා. ඒ කියන්නේ වැඩ බලනවා. මහනුවර කළුබෝවිල,
කළුතර, කරාපිටිය, හම්බන්තොට, කුරුනෑගල, අනුරාධපුර, ගම්පහ, පානදුර, හෝමාගම, ද සොයිසා, කාසල්, රටේ තියන ප්‍රධානතම රෝහල් සියල්ලේම අධ්‍යක්ෂක තනතුරු වල ඉන්නේ වැඩ බලන අය.

වැඩ බලන හෙවත් රඟ පාන අධ්‍යක්ෂකලා, නියෝජ්‍ය ජනරාල්ලා 100කට වැඩියෙන් තියාගෙන සෞඛ්‍ය සේවාට කොහොමද හොඳ පාලනයක් ලැබෙන්නේ. ඇමතිවරයාගේ ලේකම් වරයාගේ රූකඩ විදිහට ඉන්න නිළධාරීන්ගෙන් කොහොමද අපි නිවැරදි තීරණ බලාපොරොත්තු වෙන්නේ.

අධිකාරී වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, අධිකාරී ඖෂධවේදී, අධිකාරී විකිරණ විද්‍යා තාක්ෂණවේදී සියළුම තනතුරු වැඩ බලන තනතුරු.

මේවා නිකන්ම කරන්න බැහැ,  ක්‍රමවේද තියනවා කිය කිය වැඩේ මඟ හරින්න බෑ. කුමක් හෝ ක්‍රමයකට, ඒවා වෙනස් කරන්න සෞඛ්‍ය ඇමතිවරයාට පුළුවන් වෙන්න ඕනේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උඩම පුටුවලට, වැඩ බලන තනතුරු තියා ගන්න එක මාර වාසියි. රූකඩ වගේ නටවන්න ලේසි නිසා උඩ පුටුවල ඉන්න අය මේවා වෙනස් කරන්නේ නෑ.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවටත් වගේ වගක් නෑ. මේ සියළු වැරදි වලට ඔවුනුත් වග කියන්න වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය අන්තිමට මේ හැම වරදක්ම රාජ්‍යසේවා කොමිශන් සභාව පිට පටවලා සතුටින් තමන්ගේ වැඩේ කර ගන්නවා.

අධ්‍යක්ෂක තනතුරු පත් කිරීම සඳහා අන්තිමට සම්මුඛ පරීක්ෂණ තියලා තියෙන්නේ 2015දී. අවුරුද 8ක් තිස්සේ සම්මුඛ පරීක්ෂණයක්වත් තියා ගන්න බැරි තරමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වෙලා තියනවා” ලෙස ඔහු කියා සිටී

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan