*
දේශීය පුවත් විස්තරය: සාරාංශය 12/17
- සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය දුරලීම සඳහා මෙතැන් පටන් විශේෂ මෙහෙයුම් දියත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.
- එකතුකළ අගය මත බද්ද (වැට් බද්ද) 15% සිට 18% දක්වා ඉහළ දැමීම සහ මීට ඉහත වැට් බද්ද ඉවත්කොට තිබූ අයිතම රැසකට නැවත 18% ක වැට් බද්ද පැනවීම හමුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ජනතාවගෙන් බොහෝ දෙනෙකු කෝපයට පත්කොට තිබේ: වැට් (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊට සහාය පළකළ බවට විවේචකයෝ පෙන්වා දෙති.
- දරාගත නොහැකි එකතුකළ අගය මත බද්ද (වැට් බද්ද) සහ අනෙකුත් බදු පැනවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජයේ කොටසක් බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් පවසයි: රුපියල පා කර හැරීම, ආනයන පාලන ඉවත් කිරීම, ඉතා අධික පොලී අනුපාත පැනවීම, 200 – 300% තරම් භාණ්ඩ මිල ඉහළ යාම, රජය සතු ව්‍යාපාර විකිණීම සඳහා දැවැන්ත උත්සාහයක යෙදීම, රජයේ සේවාව දැවැන්ත ලෙස කප්පාදු කිරීම ආදී සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාමත සිදුවූ බව පවසයි: ලබන වසරවන විට මෙරට ජනතාවගේ ජීවන තත්ත්ව තවදුරටත් නරක අතට හැරෙනු ඇති බවට අනතුරු අඟවයි.
- ගජබා රෙජිමේන්තුවේ මේජර් ජනරාල් හරේන්ද්‍ර පීරිස් ශ්‍රී ලංකා හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්කෙරේ.
- ආනයනික බිත්තර මිලියන 15 ක තොගයක් රැගත් නෞකාවක් අද දින මෙරටට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (සාමාන්‍ය) සංස්ථාව පවසයි: එමෙන්ම, මෙරටට ගෙන්වා, තත්ත්ව පරීක්ෂාවන් සිදුකළ බිත්තර මිලියන 10ක් හෙට දින සිට සතොස වෙළඳසැල් වෙත බෙදා දීමට කටයුතු කරන බව ද පවසයි.
- නැගෙනහිරින් පැමිණෙන රළ ආශ්‍රිතව දිවයින ආසන්නයේ පහළ මට්ටමේ හටගැනෙන වායුගෝලීය කැළඹීමක් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය වැඩි වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි: බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ නැගෙනහිර පළාත්වල සහ නුවරඑළිය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල තද වැසි හට ගැනීමට ඉඩ ඇති බව ද අනතුරු අඟවයි.
- පළාත් දෙකක පොලිස් වසම් 43 ක පාතාල ක්‍රියාකාරකම් ව්‍යාප්තව ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි: රට පුරා පාතාල ක්‍රියාකාරම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල අඛණ්ඩ ඉහළයාමක් නිරීක්ෂණයකළ හැකි බවට මත පළවූව ද එය එසේ නොවන බව අවධාරණය කරයි.
- සමඟි ජන බලවේගයේ ආණ්ඩුවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියටම පවත්වාගෙන යන බව එම පක්ෂයේ පා.ම. එරාන් වික්‍රමරත්න පවසයි: එකතුකළ අගය මත බද්ද (වැට් බද්ද) ජනතාව කෙරේ බොහෝ ගැටළු මතුකර ඇති බව පවසයි: වැට් වැනි වක්‍ර බදු ක්‍රමවලට යොමු නොවී රජයේ ආදායම ඉහළ නැංවීම සඳහා සෘජු බදු එකතු කිරීම විධිමත් කළ යුතු බව අවධාරණය කරයි.
- ආදායම් එකතු කිරීමේ ක්‍රියාමාර්ග හඳුන්වාදීම හරහා ලබන වසරේ සුරාබදු ආදායම් ඉලක්කය රු. බිලියන 50කින් ඉහළ නැංවීමට මුදල් අමාත්‍යංශය ස්කාගාර සමාගම් යොමුකරයි: සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත්කරන ලද නව නියෝගය හරහා, නිශ්පාදකයා විසින් හෝටල්, ආපන ශාලා, මත්පැන් අලෙවිසැල්, තැබෑරුම් සහ සුපිරි වෙළඳසැල්වලට දින හතක සහන කාලයක් පමණක් ලබා දිය යුතුය.
- ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ 20-20 ක්‍රිකට් කණ්ඩායම්වල නායකත්වය වෙනස් කිරීමට උපුල් තරංගගේ නායකත්වයෙන් අලුතින් පත්කළ ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වේ: ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා; සහ උපනායක කුසල් මෙන්ඩිස්: එක්දින කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස්; උපනායක චරිත් අසලංක: 20-20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග; උපනායක චරිත් අසලංක.