*
Sunday, May 25, 2025
spot_img

Latest Posts

අධ්‍යාපන ක්‍රමයේ සුහුරු වෙනසක් ඇතිවිය යුතුයි. රටට අවශ්‍ය නිර්මාණශීලී විසදුම් – සජිත් (VIDEO)

තරුණයන්ට දේශපාලන පොරොන්දු ලොසිංජර ලෙස ලබා දී තරුණයන් අතරමං කරන දේශපාලන සංස්කෘතියක් අප රටේ තිබුණත් සමගි ජන බලවේගය බංකොලොත් රට තුළ තාරුණයන් වෙනුවෙන් දැවැන්ත වැඩසටහනක් ආරම්භ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා (16) බිංගිරිය ආසනයේ තරුණ බල මණ්ඩලය අමතමින් පැවසීය.

තමා සතු එම වැඩපිළිවෙළ ප්‍රධාන කොටස් කිහිපයකින් සමන්විත වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

අධ්‍යාපන ක්‍රමයේ සුහුරු වෙනසක් ඇති විය යුතු යි

තමා මේ රටේ අධ්‍යාපන ක්‍රමයේ දැවැන්ත වෙනසක් ඇති කරන්න අපේක්ෂා කරන බවත් එහි දී කටපාඩම් අධ්‍යාපන ක්‍රමය වෙනස් වී මුල් ළමා විය, ප්‍රාථමික, ද්විතීයි සහ තෘතීයික යන කොටස් 4 ගුණාත්මකභාවයෙන් යුත් අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍ය බවත් ඒ හරහා ගෝලීය සමාජය සමඟ තරග කළ හැකි සූරයන් වීරයන් බිහි කළ යුතු බවත් සුහුරු ගෝලීය පුරවැසියා බිහි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගෝලීය ශ්‍රම වෙළෙඳපොළේ ඉල්ලුමට සරිලන නූතනවාදී සහ අනාගතවාදී අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු බවත් ඒ සඳහා සෑම පාසලකම සුහුරු පන්ති කාමරයක්, ඉංග්‍රීසි භාෂාගාරයක් ඇති කළ යුතු බවත් ඒ තුළින් සුහුරු අධ්‍යාපනයක්, සුහුරු පාසලක්, සුහුරු සිසුවෙක්, සුහුරු තරුණයෙක්, සුහුරු පුරවැසියෙක් සහ සුහුරු රටක් ඇති කළ යුතු බවත් මේ සඳහා අධ්‍යාපනයේ වෙනසක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

තරුණයන් ව්‍යවසායකයන් බවට පත් කිරීමේ නව වැඩපිළිවෙළක්

එසේ ම තරුණයන් ව්‍යවසායකයන් ලෙස කටයුතු කළ හැකි නිපුනතා කුසලතා ඇති කළ යුතු බවත් ව්‍යාපාරයක් ආරම්භ කළ හැකි මූලික ප්‍රාග්ධනය ලබා දි දේශීය නිෂ්පාදකයන්, ව්‍යාපාරිකයන් සහ කර්මාන්තකරුවන් ශක්තිමත් කළ යුතු බවත් තරුණ තරුණියන්ට කුසලතා මත රැකියා ලැබීමේ අවස්ථාව ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

මීට අමතරව තරුණ තරුණියන් ව්‍යවසායකයන් බවට පත් කර තීරණ ගැනීමේ හැකියාවත් සංවර්ධන ප්‍රමුඛතා නිර්මාණය කිරීමේ අයිතිය ලබා දෙන බවත් ගමේ නගරයේ අවශ්‍යතාව තීන්දු කළ යුත්තේ තරුණ තරුණියන් බවත් ඒ අවස්ථාව සමගි ජන බලවේග රජයක් තුළ ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

නිර්මාණශීලීව හිතුවොත් බිත්තරවලින් ස්වයංපෝෂිත වෙන්නත් පුළුවන්

අපේ රට බිත්තරවලින් ස්වයංපෝෂිත වී නැති බවත් එයට හේතුව ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා විශාල වශයෙන් බදු ගැසීම බවත් ඒ නිසා බිත්තර පවා විදේශ රටවලින් ගෙන්වීමට සිදුව ඇති බවත් එම නිසා සීමාසහිත විදේශ විනිමය පවා කැපකිරිමට සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට තුළ බිත්තර නිවැරදි බිත්තර නිෂ්පාදන සැලසුමක් සකස් කර බිත්තර කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් ලබා දුනහොත් දේශීය බිත්තර අවශ්‍යතාව මෙන්ම විදේශ රටවලට අපනයනය කිරීමේ හැකියාවක් පවතින බවත් එයට හේතුව රට තුළ නිර්මාණශිලී වැඩපිළිවෙළක් නොමැති වීම දේශීයත්වයට මුල් තැන නොදීම සහ කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් ලබා නොදිම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බිත්තරවලින් ස්වයංපෝෂිත වීම පමණක් නොව එය ගෘහ කර්මාන්තයක් කුඩා කර්මාන්තයක් බවට පත් කර ව්‍යවසායකයන් බිහි කර බිත්තර අපනයන කරන රටක් බවට පත්විය යුතු බවත් ඒ ඉලක්කය කරා යා යුතු බවත් පැවසීය.

රටට අවශ්‍ය නිර්මාණශීලී විසදුම්

එසේ ම වෙරළ තීරයේ සිට නාවුක සැතපුම් 200ක් දුරට හිමිකම් තිබුණත් එය හරියාකාරව ප්‍රායෝජනයට නොගන්නා බවත් රටට මුදල් නොමැති නම් ඒකාබද්ධ ව්‍යාපෘති හරහා තිරසර සංවර්ධනයක් ක්‍රියාත්මක කළ හැකි බවත් එවැනි නව නිර්මාණශිලී විසදුම් රටට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී කියා සිටියේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan