චීනයේ භූමිකම්පාවකින් 100කට අධික පිරිසක් මිය යයි

Date:

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(18) රාත්‍රියේ වයඹ දිග චීනයේ ටිබෙට් සහ ලෝස් සානුව අතර වන අතර මොංගෝලියාවට මායිම්ව පිහිටා ඇති ගනසු පළාතට ඇතිවූ 5.9 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාව හේතුවෙන් පුද්ගලයන් 111 දෙනෙකු මිය ගොස් තවත් 220 දෙනෙකු තුවාල ලබා ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

ප්‍රධාන භූමිකම්පාවෙන් පැය කිහිපයකට පසු රිච්ටමාපකයේ 5.5ක ප්‍රබලත්වයකින් යුත් දෙවන භූමිකම්පාවක් ෂින්ජියැන් පළාතට ඇතිව ඇති අතර ඉන් සිදු වූ ක්ෂනික හානිය තවමත් තක්සේරු කර නොමැත.

චීන ජනාධිපති ෂී ජින්පින්ග් චීනයේ දුප්පත්ම කලාපයක් වන ගන්සු වෙත පූර්ණ ගලවා ගැනීමේ ප්‍රයත්නයන්ට නියෝග කර ඇති අතර ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ, සෝදිසි කිරීම සහ ගලවා ගැනීම් මඟින් තුවාලකරුවන්ට කාලෝචිත ආකාරයකින් ප්‍රතිකාර කිරීම සහ ජීවිත හානි අවම කිරීම සඳහා සියලු උත්සාහයන් ගත යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...