මහ බැංකුව අනවසර විදේශ මුදල් හුවමාරු පිළිබද​ව මහජනතාවගෙන් සහාය පතයි

Date:

ශ්‍රී ලංකා මහ බැංකුව අනවසර විදේශ මුදල් හුවමාරු සිදුකරන මධ්‍යස්ථාන සහ පුද්ගලයින් පිළිබඳ තොරතුරු මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිවේදනයක වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

ශ්‍රී ලංකාව තුළ විදේශ මුදල් මිල දී ගැනීම, අලෙවි කිරීම හා හුවමාරුව සඳහා අවසරය ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත බලපත්‍රලාභී බැංකු හා බලයලත් මුදල් හුවමාරු කිරීමේ ආයතන සඳහා පමණි. ඒ අනුව, විදේශ මුදල් මිල දී ගැනීම, විකිණීම හෝ හුවමාරු කිරීම අවසරලත් බැංකුවක් හෝ අවසරලත් මුදල් හුවමාරු කිරීමේ ආයතනයක් හරහා පමණක් කළ යුතු වේ.

යම් පුද්ගලයකු, ආයතනයක් හෝ වෙනත් යම් ව්‍යාපාරයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයක් නොමැතිව විදේශ මුදල් ගනුදෙනුවල නිරත වන්නේ නම්, එය 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නීති විරෝධී ක්‍රියාවකි.

එලස යම් පුද්ගලයකු, ආයතනයක් හෝ වෙනත් යම් ව්‍යාපාරයක් අනවසර ලෙස විදේශ මුදල් ගනුදෙනු සිදුකරන බව දැනගනු ලැබුවහොත් ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ පහත සඳහන් අංකවලට හෝ විද්‍යුත් තැපැල් ලිපිනයට දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දුරකථන : 0112398827
0112477375
0112398568
විදුත් තැපැල් : [email protected]

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්ගේ අයථා වත්කම් නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 – 2014 සමයේ අමාත්‍යවරයකු ලෙස...

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...

බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW : ඊයේ (16) දිනයේ දිවයින...

ස්විස්ට්සර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ තවත් අදියරක්!

කොළඹ LNW: ස්විස්ට්සර්ලන්ත - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය...