ප්‍රදේශ කිහිපයකට වැසි – අද (21) දිනයේ කාලගුණ තත්වය

අද (21) දිනයේදී උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක ප.ව. 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“ට්‍රම්ප්පච්චි GO HOME”

උපාලි කොළඹගේ කොළඹ LNW:ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා තවමත් ඇමරිකාවේ ජනාධිපති වුණත්...

නෙතන්යාහුගේ දේශපාලන බලය දැඩි අභියෝගයක; ගාඩි අයිසන්කොට්ට මන්ත්‍රීවරුන් 67ක සහාය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 07: ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින්...

හදිසියේම ඊයේ කොළඹ යට වූයේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : ඊයේ සවස කොළඹට...