රන්ජන්ගේ නිදහස් වෙනුවෙන් හරීන් සහ මනුෂ ජිනීවා යයි! (VIDEO)

Date:

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරගත වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කිරීම සඳහා සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර මහත්වරුන් ජිනීවා බලා පිටත්ව ගියේය.

ජිනීවා බලා යාමට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ සිට ඔවුන් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණු අතර එහිදී පවසා තිබුණේ රන්ජන් රාමනායක මහතාගේ නිදහස් වෙනුවෙන් දැන් ඉතිරිව ඇත්තේ ජාත්‍යන්තරය හමුවට යාම පමණක් බවයි.

ජනාධිපති සමාව ලබා දෙන ලෙස ද අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කළද එයද ඉටු නොවුණු හෙයින් රන්ජන් රාමනායක මහතාට ලබා දී ඇති දඬුවම අධිකරණයකින් දුන් දඬුවමකට වඩා දේශපාලන දඬුවමක් ද යන කතිකාව සමාජය තුළ ඇති වී තිබෙන බවයි මෙහිදී මනුෂ නානායක්කාර මහතා කියා සිටියේ.

මෙය රට පාවා දීම වෙනුවෙන් යන ගමනක් නොව රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් සාධාරණයක් ඉටුකර ගැනීම සඳහා වන බව හරීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...