යුක්රේන ජනපති යුරෝපා සංගමයට එකතුවීමේ ඉල්ලුම් පත්‍රයට අත්සන් තබයි

යුරෝපා සංගමයට එකතුවීම සඳහා යුක්රේනය සූදානම් වෙනවා. ඊට අදාල ඉල්ලුම් පත්‍රයට යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අත්සන් තබා තිබෙනවා.

ඉල්ලුම්පත්‍රයට අත්සන් තැබීමේ අවස්ථාවට එරට අග්‍රාමාත්‍යවරයා සහ යුක්රේන පාර්ලිමේන්තුවේ ප්‍රධානියාද එක්ව තිබෙනවා.

යුරෝපා සංගමයට ඇතුළුවීම සඳහා අවස්ථාව ලබා දෙන්නැයි යුක්රේන නායකයා යුරෝපා සංගමයේ බළධාරීන්ගෙන් දිගින් දිගටම ඉල්ලා සිටි අතර අවසානයේදී ඒ සඳහා අනුමැතිය හිමිව තිබේ.

යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමේ ක්‍රියාවලිය සඳහා වසරකට වැඩි කාලයක් ගතවන නමුත් යුක්රේනයේ මතුව තිබෙන අර්බුදකාරී තත්වය හේතුවෙන් ඔවුන්ට විශේෂ අවස්ථාවක් ලබාදීමට යුරෝපා සංගමයේ බළධාරීන් තීරණය කර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...