මාධ්‍යවේදී Jamal Khashoggiගේ බිරිඳට අමෙරිකාවේ දේශපාලන රැකවරණය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සෞදි කොන්සල් කාර්යාලයේ ඉස්තාන්බුල් නුවරදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී Jamal Khashoggiගේ බිරිඳට අමෙරිකාවේ දේශපාලන රැකවරණ ලැබී ඇති බව වාර්තා වේ.

Jamal Khashoggi 2018 වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඝාතනයට ලක්වූ අතර , මෙම ඝාතනය පිටුපස සෞදි අරාබිය සිටින බවට තමන් විශ්වාස කරන බව එක්සත් ජනපද බුද්ධි අංශ පවසා ඇත..

පසුව Khashoggi ගේ බිරිඳ වන Hanan Elatr, ඇයගේ ආරක්ෂාව ගැන බියෙන් සරණාගතභාවය සඳහා අයදුම් කිරීමට 2020 වසරේ අගෝස්තු මාසයේදී එක්සත් ජනපදයට පැමිණ ඇති අතර, Hanan Elatr එක්සත් ජනපදයේ දේශපාලන සරණාගතභාවය සඳහා පළමුවරට අයදුම් කර වසර තුනකට වැඩි කාලයක් ගත වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසර 25කට වැඩි කාලයක් Hanan Elatr ජීවත්වූ ඊජිප්තුවට හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට නැවත පැමිණියහොත් තම ජීවිතය අනතුරේ විය හැකි බව ඇය සඳහන් කර ඇත.

කෙසේවෙතත් හිටපු ගුවන් සේවිකාවක්වූ Hanan Elatr එක්සත් ජනපදයට පැමිණ මාස ගණනාවක් මේරිලන්ඩ් හි ඇගේ ආරක්ෂාව ගැන බියෙන් ජීවත් වූ බවත් රැකියාව සහ ජීවිතය අතහැර දැමූ බවත් ඇගේ නීතීඥ රන්ඩා ෆාමි සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියලුම හිමිකම් ඇවිරිණි: The Virtual Veil නවකතාව එළිදකී!(PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයට නව මානයක් එක් කරමින්,මානව...

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ?

මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යංශයේ ‍ලේකම්...

ගුරුවරු බඳවා ගැනීම ගැන රජයේ තීරණය අලුත් වෙයි!

කොළඹ LNW:ඉදිරියේදී ගුරුවරු බඳවා ගැනීමේදී විෂයානුබද්ධව පමණක් බඳවාගැනීම් සිදුකරන...