හෙට සහ අනිද්දා යළි සෞඛ්‍ය සේවක වැඩවර්ජනයක්!

Date:

සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 17ක එකතුවෙන් හෙට (02) සහ අනිද්දා (03) යන දින දෙකෙහි වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට අධිකරණ වාරණ නියෝගයක් ක්‍රියාත්මක වන හෙයින් එම සංගමය මෙම වර්ජනයට සම්බන්ධ නොවෙන බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ.

පසුගියදා පැවති අඛණ්ඩ වැඩ වර්ජනයෙන් පසු ඉල්ලීම ඉටුකරන බවට රජය පොරොන්දු වී තිබුණද ඒවා ඉටු කිරීමට අපොහොසත් වීම මතයි සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය විසින් වැඩවර්ජනය යලි සක්‍රීය කර තිබෙන්නේ.

වැටුප් විෂමතාව විසඳීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් එය ද ඉටු නොවුණු බවයි වෘත්තීය සමිති චෝදනා කරන්නේ.

පවතින ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ඕනෑම අවස්ථාවක සූදානම් බවද අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුවත් කර තිබෙන අතර ජනතාව පීඩාවට පත්කර ඉල්ලීම් ලබා ගැනීමට සූදානම් නැති නමුත් වැඩවර්ජනයක් ක්‍රියාත්මක බව දැනුම් දී තිබියදී හෙට දින රෝහල් වෙත පැමිණ ඒ ගැන නොදන්නා බව නොකියන ලෙසද මෙම වෘත්තීය සමිති ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බර්ලින් චිත්‍රපට උළෙල සහ අරුන්දතී රෝයි: කලාව දේශපාලනයෙන් තොර විය හැකිද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : ගාසා තීරය කේන්ද්‍ර...

බංග්ලාදේශයේ නව රජය පිහිටුවීම හෙට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක බංග්ලාදේශ...

දැන්වත් තරුශිව පෙනෙයි ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: අප මීට පෙර ආසියානු...

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ නව පිම්ම: 2026 වසරේ මුල් සති කිහිපයේ විශ්මිත දත්ත

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...