ඉම්රාන් ඛාන්ට ඇප

Date:

පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) හි හිටපු සභාපති ඉම්රාන් ඛාන් සහ උප සභාපති ෂා මහමුද් කුරේෂි වෙනුවෙන් ඇප ලබා දී ඇති බව වාර්තා වේ.

වොෂින්ටනයේ පාකිස්තාන තානාපතිවරයා විසින් ඉස්ලාමාබාද් වෙත යවන ලද රහසිගත රාජ්‍ය ලේඛන හෙළිදරවු කිරීම හා සම්බන්ධව පන නැගුනු චෝදනා මත සිරගතකර සිටි හිටපු අග්‍රාමාත්‍යවරයා හා ඔහුගේ නියෝජ්‍ය පක්ෂ නායක ෂා මහමුද් කුරේෂිට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් පකිස්ථාන රුපියල් මිලියනයක (ඩොලර් 3,600) බැගින් වූ ඇප බැඳුම්කරවලට යටත්ව මෙලෙස ඇප ලබා දී තිබේ.

ඛාන් රටේ ජනප්‍රියම නායකයා ලෙස බොහෝ දෙනා විශ්වාස කරන අතර සිකුරාදා ඇප ලබා දී තිබියදීත්, ඛාන් දූෂණ චෝදනාව හේතුවෙන් පෙබරවාරි 8 ට නියමිත ජාතික මැතිවරණයට තරඟ කිරීමට නුසුදුස්සෙකු වන අතර එය බ්‍රහස්පතින්දා අත්හිටුවීමට මහාධිකරණය ප්‍රතික්ෂේප කළේය. එනමුත්, ඔහු තවමත් ඉරිදා දිනට පෙර සිය නාමයෝජනා පත්‍ර ගොනු කිරීමට සැලසුම් කර ඇති බවයි ඔහුගේ පක්ෂය පවසයි.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...

රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?

සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...