සතිඅන්තයේ විදුලියට වෙන දේ!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  දීර්ඝ  සති අන්ත නිවාඩු සමයේ විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

හදිසි නොවන නඩත්තු කටයුතු සඳහා ද විදුලි විසන්ධි කිරීමෙන් වළකින ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දී ඇති අතර නඩත්තු කටයුතු සඳහා විදුලි විසන්ධි කිරීම පිළිබඳ ජත්‍යන්තර මර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට අදාළ පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

නිරන්තරයෙන් විදුලිය විසන්ධි කරන බවට ජනතාවගෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳ අවධානය යොමු කරමින් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වන අතර කාංචන විජේසේකර අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දෙන්නේ, අනවශ්‍ය ලෙස සතිඅන්තයේ සිදුකරන නඩත්තු කටයුතු හේතුවෙන් අතිකාල දීමනා සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...