දේශීය පුවත් විස්තරය: සාරාංශය 12/23

Date:

  1. වාණිජ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජයට අයත් සමාගම්වල සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවිය හැක්කේ එකී ආයතන ඉකුත් වසරේ බදු ගෙවීමෙන් පසු ලාභයෙන් 30%ක් ඒකාබද්ධ අරමුදලට ගෙවා ඇත්නම් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.
  2. ජනාධිපති රනිල් වික්‍රමසිංහ අමාත්‍යංශ ලේකම්වරුන් 10 දෙනෙකු සහ ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු පත් කරයි: මෙම පත්වීම් 2024 ජනවාරි 01 වන දින සිට බලපැවැත්වේ.
  3. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගෙන් ණය ආපසු අයකර ගැනීමට බැංකු විසින් ගෙන ඇති දැඩි නීතිමය ක්‍රියාමාර්ග හමුවේ එකී ව්‍යවසායකයන්ගෙන් 89%කගේම මතුව ඇති දුක්ඛිත තත්ත්වය උග්‍ර වෙමින් පවතින බව ජාතික වෙළෙඳ ආරක්ෂණ කවුන්සිලයේ සභාපති මහේන්ද්‍ර පෙරේරා පවසයි: ගත වූ මාස 11 තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ වත්කම් 1,183 ක් පරාටේ නීතිය යටතේ බැංකු විසින් පවරාගෙන වෙන්දේසි කර ඇති බව ද පවසයි.
  4. සිංහල පුවත්පත් කලාවේ දැවැන්තයකු මෙන්ම වසර 33 ක කාලයක් පුරා දිනපතා ලංකාදීප පුවත්පතේ සංස්කාරක ලෙස කටයුතුකළ සිරි රණසිංහට ඔහුගේ හිතවතුන්, සහෘදයන් සහ සගයන් විසින් උපහාර දැක්වීම සිදුවෙයි.
  5. “ඉතිහාසය පුරාවට මතුව ඇති ජනවාර්ගික ගැටළු සඳහා දිගුකාලීන විසඳුමක් ගෙන ඒම සඳහා” සත්‍යය සහ ප්‍රතිසන්ධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දෙමළ දේශපාලනඥයන්ට පොරොන්දු වූ බව ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂ පා.ම. ගෝවින්දන් කරුණාකරන් පවසයි.
  6. දැනට දළ දේශීය නිශ්පාදිතයෙන් එකතු කරන 13% ක බදු ප්‍රමාණයට සාපේක්ෂව දළ දේශීය නිෂ්පාදිතයෙන් අවම වශයෙන් 18% ක් වත් බදු ලෙස එකතු කළ යුතු බව සමඟි ජන බලවේගයේ පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි: ශ්‍රී ලංකාවේ අපේක්ෂිත බදු රු. බිලියන 4,100 ක් පමණක් වන අතර අවම වශයෙන් එය රු. බිලියන 5,700 ක් විය යුතු බව පවසයි: “පහසු තත්ත්වයකට ගෙන ඒමට” එය තවත් 5% කින් වැඩි කළ යුතු බව අවධාරණය කරයි: හර්ෂ ද සිල්වා යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් ලබා ගැනීම, ණය පැහැර හැරීමෙන් අනතුරුව ණය ප්‍රතිව්‍යූහගත කිරීම, ඉහළ පොලී අනුපාත, රජය සතු ව්‍යාපාර විකිණීම සහ රුපියල පා කර හැරීම වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයකු බව ද සිහිපත්කළ යුතු ය.
  7. වත්මන් මූල්‍ය අභියෝග මධ්‍යයේ ශ්‍රී ලංකා ටෙලිකොම් වෘත්තීය සමිති ප්‍රසාද දීමනාවක් ඉල්ලා සිටියි: ඔවුන්ගේ ක්‍රියාකලාපය ශ්‍රී ලංකා ටෙලිකොම් හි මෙහෙයුම් සහ ගනුදෙනුකරුවන්ට බලපා තිබේ: ටෙලිකොම් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට රජය විසින් මෑතකාලයේ නම්කළ පුද්ගලයන් ඉවත් කිරීම සහ භාණ්ඩාගාර කොටස් විකිණීම අත්හිටුවීම ඔවුන්ගේ ඉල්ලීම් අතර වේ.
  8. තේ නිෂ්පාදනය, 2022 නොවැම්බර්වල පැවති කි.ග්‍රෑ 20,364,487 සිට 2023 නොවැම්බර්වන විට කි.ග්‍රෑ 19,586,188 දක්වා 3.82% කින් පහත වැටේ.
  9. රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සභාපති සහ ප්‍රවීණ කලාකරු පරාක්‍රම නිරිඇල්ල නාට්‍ය සභාවෙන් ඉවත්ව යයි: සභාවේ තීරණවලට සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක අතපෙවීම් සිදුකළ බවට චෝදනා කරයි.
  10. මුම්බායි ඉන්ඩියන්ස් හි ගෝලීය ක්‍රිකට් ප්‍රධානී සහ ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක පුහුණු මහේල ජයවර්ධන අයිපීඑල් හි මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට ඩිල්ෂාන් මධුශංක ඇතුළත් කිරීම පිළිබඳව සිය සතුට පළ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රසිද්ධ බේකරි ව්‍යාපාරිකයෙක් දේශබන්දුට අරන් දුන් ඉඩමක් ගැනත් විමර්ශනයක් ?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු විසින් බුලත්සිංහල ප්‍රදේශයේ වටිනා...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ අධ්‍යාපනය සුහුරු මෙන්ම මූලික අයිතියක් විය යුතු යි – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපනය සම්බන්ධ විවාදය හරාත්මක ධනාත්මක ගුණාත්මක...

තුන් පිම්මට පෙර සඳරුවන් පැන්න පිම්ම ගැන සරසවි අධ්‍යාපනය පසුපසට පැනීමේ කතාවක් නැද්ද?

නිශ්මං රණසිංහ ජූලි 25, කොළඹ LNW: ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා...

දේශබන්දු පොලිස්පති ධුරයෙන් නෙරපීමේ පාර්ලිමේන්තු විවාදයට දින නියම වෙයි

සටහන - රුවන් නෙළුගොල්ල දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ...