ජාත්‍යන්තර පිටියේ ශ්‍රී ලංකා නෙට්බෝලය පියවරක් පසුපසට

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): වසර අවසාන වන විට ජාත්‍යන්තර නේට්බෝල් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන ආරක්ෂා කර ගන්නට ඔස්ට්‍රේලියාව සමත්ව සිටිනවා.දෙසැම්බර් 10 වන දා නිකුත් වූ මෙම ශ්‍රේණිගත කිරීමේ මුල් ස්ථාන 15 ම කිසිඳු වෙනසක් නොපෙන්වා සිය ස්ථාන රැක ගන්නට සමත්කම් දක්වා තිබෙනවා.


මුල් කණ්ඩායම් 20 අතර වෙනස්කම් දකින්නට ලැබෙන්නේ ඉන් අනතුරුව වන අතර 20 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව ද පසුපසට පියවරක් ගොස් 21 වන ස්ථානය දක්වා පහත වැටී තිබෙනවා.ජාතීන් හයක් සහභාගි වී සිංගප්පුරුවේ පැවති තරගාවලියේ දී ලද පරාජයත් සමඟ මේ තත්ත්වය අත් වී ඇති අතර අප විශ්වාස කරන්නේ එම පරාජයේ විශාලත්වය වැඩිවීමට ශ්‍රී ලංකා නෙට්බෝල් වෙත එල්ල වූ උඩඟු බලපෑම් බල පෑ බවයි.කිසිවෙක් පෙන්වා දෙන දේ ගණන් ගත යුතු නැති බවත්,ශ්‍රී ලංකා නෙට්බෝල් විධායක සභාව තරම් නෙට්බෝල් ගැන දන්නා පිරිසක් නැති බවත් පවසමින් විධියක සභාවට ලිපියක් ලියූ සභාපතිණියක ඇතුළු පිරිසක් මේ තත්ත්වයට පිඹුරු පත් සකස් කර තිබෙනවා.

මේ ස්ථාන අතර ඉහළම ප්‍රගතිය පෙන්වන්නේ ෆීජි දූපත් කණ්ඩායමයි.ඔවුන් 18 වන තැන සිට 16 වන තැන දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.සැමෝවා කණ්ඩායමට පියවරක් පසුපසට ගෙන 17 වන ස්ථානයෙන් 17 වන ස්ථානය දක්වා පහතට එන්නට සිඳු වී තිබෙනවා.සෙන්ට් වින්සන්ට් ඇන්ඩ් ග්‍රෙන්ඩිනස් ද 17 වන ස්ථානයෙන් 18 වන තැනට පහළ වැටී තිබෙනවා.වැඩිම පසුබෑමක් පෙන්වා ඇත්තේ කුක් අයිලන්ඩ් කණ්ඩායම වන අතර ඔවුන් 19 වන තැන සිට 24 දක්වා පහතට පැමිණ තිබෙනවා.ග්‍රෙනඩාව සහ නැමීබියාව පිළිවෙලින් 19 වස සහ 20 වන තැනට පත් වෙමින් ප්‍රගතියක් අත් කරගෙන තිබෙනවා.

කෙසේ වුව ද මීට වසර හතරකට පෙර දිනා ගත් ආසියානු කුසලානයේ ගෞරවයට හේත්තු වී තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරීමවලදී ආසියාවේ අංක එකේ ස්ථානය දිනා ගෙන සිටින අතර එහෙත් ඇත්ත තත්ත්වයේදි ආසියාව තුළ ශ්‍රී ලංකාව සය ජාතික තරගාවලියේදී සිංගප්පූරු ඒ කණ්ඩායම අතින් ද පරාජයට පත් වුණා.
නවතම ශ්‍රේණිගත කිරීම්වලට පිවිසෙන්න. → https://netball.sport/events-and-results/world-rankings-hub/current-world-rankings

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...