EPF, ETF අධිභාර පනතට අදාල නෑ – නීතිපති අධිකරණයට දැනුම් දෙයි

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල අධිභාර පනත් කෙටුම්පතට යටත් නොවන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දී තිබෙනවා. මීට අමතරව තවත් අරමුදල් 11 ක් අධිභාර පනත් කෙටුම්පතෙන් ඉවත් කර ඇති බවයි නීතිපතිවරයා දැනුම් දී තිබෙන්නේ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිභාර පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගොනුකර ඇති පෙත්සම අද ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබිණි.

මෙම පනත් කෙටුම්පත මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් සහ ජනමත විචාරණයකින් සම්මත වියයුතු බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබේ. පෙත්සමේ වගඋත්තරුකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබෙනවා.

පෙත්සම්කාර රංජිත් මද්දුම බණ්ඩාර මහතා මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ පෙත්සමෙන් ඉල්ලා ඇති සහන දැනටමත් ලැබී ඇති බැවින් පෙත්සම ඉදිරීයට පවත්වාගෙන යාමේ අදහසක් නොමැති බවයි.

බදුවලට යටත් වන වාර්ෂික ආදායම රුපියල් බිලියන 02 ඉක්මවන සමාගම්වලින් එක් වරක් පමණක් අය කෙරෙන 25% ක බද්දක් පැනවීමට අධිභාර පනත් කෙටුම්පත හරහා යෝජනා කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...