ඇමසන් වැසි වනාන්තරය ඉතිහාසයේ දරුණුතම නියඟට මුහුණ දෙයි

Date:

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජෛව විවිධත්වයේ විශ්මය ජනක පරාසයක නිවහනවන ඇමසන් වැසි වනාන්තරය එහි දරුණුතම නියඟය 2023 දී අත්විඳින ලද බව වාර්තා වේ.

ඇමසන්හි ආදිවාසීන් වෙසෙන ගම්මානවල අතිශය නියඟ තත්වයක් ඇතිව ඇති අතර ගැන ඉවුරු ඉරිතලා පිලිස්සී, ලැව්ගිනි ඇවිලී සතුන් දස දහස් ගණනක් මියගොස් ඇත. Bom Jesus de Igapo Grande වනාන්තරය මැද පවුල් 40 කින් යුත් ප්‍රජාවක් වන අතර කලාපයේ වාර්තා වූ දරුණුතම නියඟයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත. ඇමසෝනියානු පර්යේෂණ සඳහා වන ජාතික ආයතනයේ ශාක පරිසරවේදින් මේ සම්බන්ධයෙන් කනස්සල්ලට පත්ව ඇති අතර නියගයෙන් සිදු වූ හානිය තවමත් ගණන් බලා නැත.

ඇමසන් වනාන්තරයේ වැසි සමය ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ විය යුතු නමුත් දෙසැම්බර් අග දක්වා එය තවමත් වියළි හා උණුසුම් විය. මෙය දේශගුණික විපර්යාස මගින් විස්තාරණය කරන ලද චක්‍රීය එල් නිනෝ කාලගුණ රටාවේ බලපෑමකි.

එල් නිනෝ නිසා පැසිෆික් සාගරයේ ජලය උණුසුම් වන අතර එය රත් වූ වාතය ඇමරිකාව දෙසට තල්ලු කරයි. මේ වසරේ උතුරු අත්ලාන්තික් සාගරයේ ජලය අසාමාන්‍ය ලෙස උණුසුම් වී ඇති අතර උණුසුම් වියළි වාතය හේතුවෙන් ඇමසන් වැසී ගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...