උද්ධමනය ඉහළට. ජනවාරිය වෙද්දී ලෙවකන්නත් බැරි වෙන හැඩ!

Date:

කොළඹ LNW:ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 දෙසැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ.

ඊට අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2023 දෙසැම්බර් මාසය සදහා 4.0 %ක් දක්වා වැඩි වී ඇත..

එය 2023 නොවැම්බර් මාසය සඳහා වාර්තා වුණේ 3.4 %ක් ලෙසයි.

2023 දෙසැම්බර් මාසයයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 0.3% දක්වා වැඩි වී ඇති අතර 2023 නොවැම්බර් මාසයේ දී එය -3.6 % ක් ලෙස වාර්තා වී තිබුණි.

දෙසැම්බර් මාසයයේ සදහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 5.8 %ක් දක්වා අඩු වී ඇති අතර එය 2023 නොවැම්බර් මාසයේ දී 6.8 %ක් ලෙස වාර්තා විය.

කෙසේවෙතත් මේ වන විට වෙළෙඳපොළේ ආහාර මිල ගණන් ඉහළ යමින් තිබෙන බව පෙනෙන්නට ඇත. එමෙන්ම මිලදී ගැනීමේ ප්‍රමාණයද අඩුවී තිබෙන බව වෙළෙඳුන් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලය බබලවන ඔස්ට්‍රේලියානු ආග්‍රාණ්ඩුකාරවරිය

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: අපට නුහුරු බලය ඉදිරියේ සරල...

ලංකාවේ බොක්සිංවල මේ මොහොතේ වටිනාම දේ මිහිරාන් රැක ගැනීමය.

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා සහ...

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණ සහිත රාත්‍රී වෙළඳ පොලක් මහනුවර දී!

කොළඹ LNW:සංචාරක ආරක්ෂණය සහිත රාත්‍රී වෙළඳ පොලක් මහනුවර නගරය...

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළි!

රෂිකා හෙන්නායක අගෝස්තු 13 කොළඹ LNW : අද දිනය...