අකිල කලකට පසුව ජාතික සංචිතයට

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): අකිල ධනංජය කලකට පසුව ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වී තිබෙනවා.ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවත්වෙන විස්සයි විස්ස සහ සහ එක්දින තරගාවලිය වෙනුවෙන්.අකිල මෙම සංචිත දෙකටම කැඳවා ඇති අතර ඔහු අවසාන වරට ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත්තේ 2021 වසරේදි යි.අකිල වඩාත් වැදගත් වන්නේ ඔහු එකම තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීම සහ එක් පන්දු වාරයකට හයේ පහර හයක් ලබා ගැනීම නිසයි.ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි.එහිදී ඔහුගේ කඩුලු ත්‍රිත්වයට ගොදුරු වූයේ එවින් ලෙවිස්,ක්‍රිස් ගේල් සහ නිකොලස් පූරන් යන තිදෙනායි.කිරන් පොලාර්ඩ් ඔහුට එම තරගයේදීම එක ඕවරයකදී හයේ පහර හයකින් සංග්‍රහ කළා.

නම් කර තිබෙන 20/20 සංචිතය සඳහා වනිඳු හසරංගගේ නායකත්වයෙන් විසි දෙනෛකුගේ කණ්ඩායමක් නම් කර තිබෙනවා.එක්දින සංචිතය සඳහා නායකයා ලෙස නම් කර ඇත්තේ කුසල් මෙණ්ඩිස් වන අතර එම සංචිතයට විසි එක් දෙනෙකුගේ නම් ඇතුළත් කර තිබෙනවා.මෙම කණ්ඩායම් දෙක සඳහාම උප නායකයා ලෙස චරිත් අසලංක නම් කර තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...

චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : රුපියල් ලක්ෂ 300ක...

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...